හැඳිමිට බිඳින්න
ඔබව අදහන්න. එවිට ඔබට ඇදහිය නොහැකි දේ කළ හැකිය.
කවුරු මොනවා කිව්වත් ඒ සියල්ල ගැරඬි හැවක් සේ ඉවතලන්න. ඔබ ඔබම වෙන්න. ඔබ ඔබවම විශ්වාස කරන්න. ඔබවම අදහන්න. ඔබට ඉන්නේ ඔබ පමණයි කියා සිතන්න. අනෙක් අය වෙත කරන ඉල්ලීම් සීමා කරන්න.
මහා වර්ෂාවකදී අනෙකුත් සියලුම කුරුල්ලන් වැස්සෙන් ආරක්ෂා වීමට අතු අග සැඟවෙන බව සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. නමුත් රාජාලියෙකු කරන්නේ වැස්ස ලබා දෙන වලාකුළුවලට ඉහළින් නැගී නිදහසේ ආකාශයේ පියාසර කිරීමය.
ඔබත් රාජාලි ධේනුවක වන්න.
ඔව්... වැස්සට උඩින්, පියාසර කරන රාජාලිහිණියක වන්න. ඔබ ඔබගේ අරමුණු වෙනුවෙන් දුක විඳින්න. වේදනා විඳින්න. බාධක, හිරිහැර, කොන් කිරීම්, කටකතා... හිත් රිදවීම් දරා ගන්න. ඒ ගැන නැවත නැවත කතා කිරීම නවත්වන්න. සියලු බාධක පරයා ඔබගේ ජීවිතය ජයගන්නට නම් ඔබ මේ වේදනා විඳිය යුතුමය. පිහිනන්නට නම් වතුරට බැසිය යුතුය. ඔබ යම් ක්‍රීඩාවකින් ජයග්‍රහණය කරන්නට නම් ඔබ වී ක්‍රීඩාව කළ යුතුය. ඔබට ඔබගේ සිත් අහසේ චමත්කාර දේදුන්නක් දකින්නට නම් කුඩා වැස්සකට හෝ තෙමෙන්නට සිදුවන බව සිහියට ගන්න.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.