හරස් පාරෙන් ඇසුණු කටහඬක්
‘ප්‍රශ්නයක් නෑ, නිකමට ඇහැව්වෙ, ඔයාල දන්නව ද? මෙහෙන් ක්ලේමෝ එකක් දකුණට යවන්න සිංහල කෙනෙකුට රුපියල් පනස්දාහක් දුන්නම පුළුවන්. සූසයිඩ්ජ් කිට් එකකට එක් ලක්ෂ හැත්තෑපන්දාහයි. සිංහල අය අපට වැඩ කරන්නෙ එහෙමයි.'
- අන්බු
‘සූසයිඩර් ටීම් එකේ අයට මෙහෙ ඕනෙ තැනක නිදැල්ලෙ යන්න පුළුවන්. හැම කඩේකින්ම කෑම, බීම
නොමිලේ ගන්න පුළුවන්. එයාලට මිනිස්සු පුදුම විදිහට ගරු කරනවා.’
- අතුරුදන් අමුත්තා.
‘ඒත් මේක එහෙම එකක් නෙමේ නේ? ඒ කඩදාසි මිටියෙ ඒ අකුරු ඇතුළෙන් තවම කවුරු හරි හයියෙන් හුස්ම ගන්න සද්දයක් ඇඟෙනව. පොඩි ළමයෙක් නිදි කරවන්න තාලෙට කියන ලලබි එකක සද්දෙ ඇහෙනව. ගස් කෙඳිරිගාන, පොළව ඉකිගහන සද්දෙ ඇහෙනව. පතොක් පඳුරක කල්පෙකට පස්සෙ පිපෙන රෝස පාට මලක, පෙති හෙමින් දිග ඇරෙන සද්දෙ ඇහෙනව. ඒ විතරක් නෙමේ, අහසෙ එක පැත්තකින් ඉර පායාගෙන එනකොට පොඩි පොඩි වලාකුළු කලබලෙන් එහාට මෙහාට දුවන සද්දෙ ඇහෙනව.
එහෙම සද්ද කවදාවත් ලෝකෙ කිසිම සුරංගනා කතාවකින් ඇහෙන්නෙ නෑ. ලෝකෙ කිසිම වීර කාව්‍යයක, දෘෂ්‍ය කාව්‍යයක එහෙම සද්ද හුස්ම ගන්නෙ නෑ..
- රසූල්.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.