Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හර්ද සූත්‍රය

හර්ද සූත්‍රය

ප්‍රවර්ග (Genre): ආදර නවකතා නවකතා
About this book

කැනාස් මල් පෙති වල - ක්‍රෝටන් කොළවල මට මැරෙන්න ඕනෑ යැයි ලියු පුන්සරා නම් ලාංකේය ගම්බද දැරිය ඇල්බේනියාවේ , ඉතාලියේ, සර්බියාවේ, කියුබාවේ, කුර්දිස්ථානයේ හා අමෙරිකාවේ ගැහැනුන් හා එක්ව සිනා නැගිය හැකි තරම් බෝ දුරක් පැමිණියාය.

පුන්සරා හා එක්ව ඒ ගමන් මග යන අපට අවබෝධ වන්නේ හෘදයංගම මිනිස් සබඳතා පිළිබඳ අපම වියාගෙන ඇති මිථ්‍යා කඩතුරා ඉවත් කළ කල්හි දක්නට ලැබෙන සත්‍යයයි.

මේ නිරුවත් යථාර්ථය ඔස්සේ චූල බන්ධන ඉක්මවන ආනන්දනීය විශ්ව ශාන්තියක් උදා කරගත හැකි සුත්‍රයක් සොයාගත නො හැකිද?

Details
ISBN
9789555733821
පිටු ගණන (Pages)
275
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 2
  1. හර්ද සූත්‍රය
    මේ හර්ද සූත්‍රය කියන කතාව වෙනස්ම විදිහකට ලියවුන කතාවක් කියලා කිවොත් හරි. මේ පොත ද්විත්ව කර්තෘ පොතක්. ඒ වගේම මෙ පොත රචනා කරලා තියෙන්නේ " සුනෙත්‍රා රාජකරුණානායක" මහත්මිය සහ " සමන් ආතාවුදහෙට්ටි" මහතා විසින්.

    මේ කතාව ගලාගෙන යන්නේ පුන්සරා සහ මුදිත කියන චරිත දෙක වටා. මේ කතාව ප්‍රධාන කොටස් දෙකකට බෙදිලා තියනවා. මුලින්ම පුන්සරා කතාවෙ එක කොටසකුත් මුදීත මේ කතාවේ අනෙක් කොටසත් තමන්ගේ දෘශ්ඨිකෝණයෙන් කතාව රචනා කරලා තියනවා .

    කුඩා කල ඉදලා පුන්සරාට සියල්ල අහිමීවෙද්දී එකම එක මොහොතක සියල්ල වෙනස් ම පැත්තකට හැරෙනවා . එලෙස ඇයගේ වෙනස් වන ජිවිතයත් මුදිතගෙ චරිතයත් වටා මෙ කතාව ගෙතිලා තියනවා..

    කතාවේ ප්‍රධාන චරිතය වන පුන්සරාගේ ජීවිතය හරහා සමාජයේ විවිධ පැතිකඩ, මානසික පීඩනය, පවුල් සබඳතා සහ ජීවිතයේ අර්ථය සොයා යාමේ ගමන පාඨකයා ඉදිරියේ දිග හැරේනවා. කතාව ඉදිරියට යන සෑම මොහොතකම පාඨකයා චරිත සමඟ සංවේදී බැඳීමක් ගොඩනඟා ගන්නවා වගේම, ඔවුන්ගේ සතුට හා වේදනාව තමන්ගේම අත්දැකීම් ලෙස දැනෙන්නට සලස්වනවා.

    සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ ලේඛන ශෛලිය සරල වුවද, හැඟීම්බර සහ කාව්‍යමය ස්වභාවයකින් යුක්තයි. එනිසාම මෙම නවකතාව කියවීමේදී පාඨකයාට කතාව පමණක් නොව, ජීවිතය පිළිබඳ ගැඹුරු ලෙස සිතීමටද අවස්ථාව ලැබෙනවා.

    ඒ වගේම සමන් ආතාවුදහෙට්ටි මහතාද හරිම ලස්සනට සරල බස් වහරකින් කතාව තේරුම් ගන්න ලෙසීවෙන විදිහට පොත රචනා කරලා තියනවා.

    මේ පොත සරසවි ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කරල තියනවා. ඒ වගෙම මේ පොතේ පිටු 275 ක් තියනවා

    Anjali ·
  2. 1
    1
    niluka ·
Write a review

You're reviewing: හර්ද සූත්‍රය

Reviews are published once a member of our team has read them.