හස්ති වර්ණ
“ම්ම් ඔව්.. අපි හිතන් හිටියේ පොඩි කෙනෙක් කියලා මොකද රංචුව එක්කම ඉන්න නිසා.. එයා වැඩිය උස මහතට හැදිලා නැති වුණාට අවුරුදු 8කට නම් වැඩියි වගේ..”
ඇගේ කතාව අතරතුරම සුදු අලියා පෙනෙන අන්දමට ඡායාරූප කිහිපයක් ගැනීමට හරිත සමත් විය.
“සුදු.. ඔයා ඕවා ගත්තට පබ්ලිෂ් නම් කරන්න එපා.. මෙයාට නිදහසේ ඉන්න නැති වෙලා ජීවිතේට රිස්ක් එකක් එන්නත් ඉඩ තියෙනවා.. අවුරදු ගාණක් රැකිලා තියෙන ජීවිතයක්නේ..” ඇය බැරෑරුම් ස්වරයෙන් පවසද්දී ඔහු ඇගේ හිස යන්තමින් පිරිමද්දේ ආයාසයෙන් සිනාවක් නංවා ගනිමිනි. ඇය ගිනි මැලය දල්වන්නට යද්දී හරිත මහීෂ අසළට ළං වූයේය.
“මොකදු බං අපි කරන්නේ..?“
මට අලියා ගැන දුකක් නැති වුණාට මේ කෙල්ලට දුකක් දෙන්න බෑ බං ඇමතියට අලියා ගැන කියලා..”
“උඹ ගන්න ඕනම තීරණයකදී මම උඹත් එක්ක ඉන්නවා..”
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.