තුන්සිත්
‘කරන්න නැත්නම් මැරෙන්න මගේ ජීවිතේ ආදර්ශ පාඨය වුණේ ඒක. ජීවිතේ මොන දේටත් වඩා මම ආදරේ කළේ 'සටන් කලාවට' ජීවිතෙන් මට සටනක් වෙයි කියලා කවදාවත් හිතලා තිබ්බේ නෑ. ඒත් හිත දෙකට ඛෙදාගෙන දෙනෙකුට ආදරේ දෙන ගමන් මට හිතත් එක්කම සටන් කරන්න සිද්ද වුණා.මම ඇත්තටම ආදරේ කළා.
-ධනිෂ්ක හෙවත් ඩැනි -
මම දැනගෙන හිටියේ ජයග්‍රහණය ගැන විතරයි. පරාජය කියන්නේ මට අම්හිරි මාතෘකාවක්. ඒත් එකම එක දවසක් කොල්ලෙක් මට රිද්දුවා. ඒ රිදුම මට හැමදාම මතක තිබ්බා, ඉතින් මටඕනේ වුණා පළිගන්න. ඒත් කවුද හිතූවේ පළිගන්න හිතපු ගිනින්ම ආදරේ කරන්න හිතෙයි කියලා. ඉතින් මට ආදරේ නොකර බැරිවුණා වෙන කෙනෙක්ට අයිතියක් තියෙනවා කියලා දැන දැනත් මම ආදරේ කළා.
-හංසිකා-
ඒ පුංචි ලස්සන ගමේ ඉඳලා මම හීන මැව්වේ ඔයාගෙම වෙන්න සුදු අයියේ, මගේ ජීවිතේම වුණේ ඔයා. ඒත් ළඟම ඉඳලත් ඔයා ළඟට එන්න මට බැරිවුණා.ඔයාට තුවාලයක් වෙද්දී වැඩිපුරම රිදුණේ මට. ආදරෙයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක් කියලා මම දැන ගත්තේ මගෙන්මයි.
- මාධුර්යා -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.