තුන්සිත්

Special Price රු. 1,350.00 Regular Price රු. 1,500.00
In stock
SKU
thunsith-pawani-umayangana-pawana-creations

‘කරන්න නැත්නම් මැරෙන්න මගේ ජීවිතේ ආදර්ශ පාඨය වුණේ ඒක. ජීවිතේ මොන දේටත් වඩා මම ආදරේ කළේ 'සටන් කලාවට' ජීවිතෙන් මට සටනක් වෙයි කියලා කවදාවත් හිතලා තිබ්බේ නෑ. ඒත් හිත දෙකට ඛෙදාගෙන දෙනෙකුට ආදරේ දෙන ගමන් මට හිතත් එක්කම සටන් කරන්න සිද්ද වුණා.මම ඇත්තටම ආදරේ කළා.
-ධනිෂ්ක හෙවත් ඩැනි -

මම දැනගෙන හිටියේ ජයග්‍රහණය ගැන විතරයි. පරාජය කියන්නේ මට අම්හිරි මාතෘකාවක්. ඒත් එකම එක දවසක් කොල්ලෙක් මට රිද්දුවා. ඒ රිදුම මට හැමදාම මතක තිබ්බා, ඉතින් මටඕනේ වුණා පළිගන්න. ඒත් කවුද හිතූවේ පළිගන්න හිතපු ගිනින්ම ආදරේ කරන්න හිතෙයි කියලා. ඉතින් මට ආදරේ නොකර බැරිවුණා වෙන කෙනෙක්ට අයිතියක් තියෙනවා කියලා දැන දැනත් මම ආදරේ කළා.
-හංසිකා-

ඒ පුංචි ලස්සන ගමේ ඉඳලා මම හීන මැව්වේ ඔයාගෙම වෙන්න සුදු අයියේ, මගේ ජීවිතේම වුණේ ඔයා. ඒත් ළඟම ඉඳලත් ඔයා ළඟට එන්න මට බැරිවුණා.ඔයාට තුවාලයක් වෙද්දී වැඩිපුරම රිදුණේ මට. ආදරෙයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක් කියලා මම දැන ගත්තේ මගෙන්මයි.
- මාධුර්යා -

Author පවනි උමයංගනා - Pawani Umayangana (16)
Publisher පවන ක්‍රියේෂන්ස් - Pawana Creations (26)
More Information
ISBN 9786245880126
පිටු ගණන 344
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තුන්සිත්
Back to Top