My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
සිය මුහුණට නැඹුරුව බලා සිටිනා රුව සයුරුගේම බව තහවුරු කර ගන්නට ඇය ඔහුගේ කොපුලක් සෙමෙන් පිරිමැද්දාය. ඔහුගේ දෙතොල් මත, ඇගේ අතැගිලි නවතිද්දී ඔහු ඒ මත සිපුමක් තැබුවේ ඇගේ ගතම සලිත කරමිනි. බොහෝ කලකින් දැනෙනා ඒ දෙතොල් පහසේ අයිතිකරු සයුරුම බව වැටහෙද්දී ඇය මුව පුරා සිනාසුණාය. එසැණින්ම උස් හඟමඑන් හඩා වැටෙමින් ඔහුගේ ගෙලෙහි එල්ලුණාය.
“දෙයියනේ සයුරු.. මේ ඔයා.. ඇත්තටම ඔයා.. නටාෂා.. සයුරු.. එයා ඇවිත්... දෙනෙත් අයියේ මෙයා තමයි මගේ සයුරු..
ඇය අවට සිටි අය දෙස ද බලමින් කෑ ගැසුවාය. සයුරු, කිසිවෙකු දෙස නොබලාම ඇය සිය ගතට තෙරපා ගත්තේ ය.
Author | පවනි උමයංගනා - Pawani Umayangana (17) |
---|---|
Publisher | පවන ප්‍රකාශන - Pawana Prakashana (15) |
ISBN | 9786245880133 |
---|---|
පිටු ගණන | 248 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |