හෙන්රි සුග(ර්)ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා
වසර දෙදාහ ලබද්දී, පසුගිය සියවසේ බිහි වු විශිෂ්ටතම ප්‍රබන්ධ කතාකරුවා යැයි ද, 2000 – Millennium Children's Book award for CHARLIE AND THE CHOCOLATE FACTORY සම්මානය සහ වෙනත් සම්මාන රාශියකින් පුද ලද, "වැඩිහිටියන්ට ළමා කතා ලියන්නා" යන සොඳුරු නම්බුනාමය හිමි කරගත් Roald Dahl දරුවන්ට ද රසවිඳිය හැකි සේ "වැඩිහිටියන්ට ලියූ" කෙටිකතා එකතුවයි මේ...
සතුන් සමග කතා කරන්නට හැකි ළමයා හමුවන්න... එහෙම පිටින් ම දෑස් වසාගෙන පොත් කියවන්නා, ඉලක්කයට වෙඩි තියන්නා, යෝගී ඉම්රට් බාන් මුනගැහෙන්න... එංගලන්තයේ හමු වු විශාල ම රෝමානු නිධානය ගැන කතාව අහගන්න... මම? මම ඇඟිලි ශිල්පියෙක්, මම වෘත්තීයමය ඇඟිලි ශිල්පියෙක්, ප්‍රොෆෙෂනල් ෆින්ගර්ස්මිත්, යැයි කියාගන්නා අසාමාන්‍ය ගැටකපන්නාගේ දස්කම් දැක ගන්න...
අවුරුදු දහඅට ලබද්දිත් තේරුමක් ඇති එකම වාක්‍යයක් වත් ලියාගන්නට බැරි මෝඩ කොල්ලෙකැයි තම පාසැල් වාර්තා පොත්වල සෑම වසරක ම ලියවාගත් ඩාල්, ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය ලේඛකයා බවට පත්වු අයුරු ඔහුගේ වදනින් ම කියවා බලන්න...
තව තවත් වස්තුව රැස්කරන්නට තන්හාවෙන් පෙළුණු කෝටිපති හෙන්රි සුග(ර්) පියවි ඇසින් නොබලා සියල්ල දකින ඉම්රට් ඛාන්ගේ යෝග භාවනා ඉගෙනගත් පසු සූදූවලින් මිලියන ගණන් සොයමින් ජීවිතය වෙනස් කරගත් අයුරු ඔබ පුදුමයට පත් කරනු ඇති...
අති ශූර කතා කියන්නා, රෝල් ඩාල් සමඟ ඔබ ගත කරන කාලය තුළ දී ඔබ මනෝ ලෝකයෙන් මිදී පියවි ලෝකයට ඇතුල් වන්නේ කොතැනදී දැයි සොයා ගන්නට නොහැකිව අමන්දානන්දයට පත්වනු ඇති...
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.