හිඹුටුදෙණිය කඳු පා මුලින් රජත පුස්තක සම්මාන 2018
උපාධිධාරි ආචාර්යවරයකු ලෙස සේවය කර, දැනටත් සාහිත්ය ක්ෂේත්රයේ නමක් තබා ඇති පියසිරි මාතරගේ මහතා විසින් කෙටිකතා, යොවුන් නවකතා, ශාස්ත්රීය ග්රන්ථ, ගුවන් විදුලි නාට්ය ආදී විවිධ අංශයන්හි කරන ලද නිර්මාණ බොහෝය. උගත් හා නූගත් අයට මෙන්ම අධ්යාපනයේ යෙදෙන ළමා පරපුරට ද ඒවා එක සේ වැදගත්ය.
මොහු විසින් මෑතකදී රචනා කෙරුණු "හිඹුටුදෙණිය කඳු පා මුලින්" යොවුන් නවකතාව මට ද කියවීමට අවස්ථාව ලැබුණි. එය කියවීමට පටන්ගත් අවස්ථාවේ සිට අවසානය දක්වා එක දිගටම කියෙව්වෙමි. එය ඉතා සාර්ථක යොවුන් නවකතාවක් ලෙස අගය කළ හැකි ය. එයට හේතුව කථාවට වස්තු බීජය වී ඇති තේමාව හොඳින් සංකලනය වීමත් චරිත හා අවස්ථා චිත්තරූප මැවෙන ආකාරයට ඉදිරිපත් කර තිබීමත් ය. මේ සඳහා කතුවරයා යොදාගෙන ඇති බස්වහර ග්රාමීය පරිසරය හා බැඳී පවතී. චරිත ද සජීවී ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. උපමා උපමේය ද අවට පරිසරයෙන් උකහාගෙන ඇත.
මේ අනුව මෙම යොවුන් නවකතාව සාහිත්ය ග්රන්ථයක් වශයෙන් පමණක් නොව සාරධර්ම පිරිහෙමින් යන වර්තමාන සමාජයට ද මහඟු ආදර්ශයක් වනු නොඅනුමානය. මෙය බාල තරුණ මහලු හැමදෙනාටම එක සේ ප්රයෝජනවත් වනු ඇත.
අංක 43,
විජය මාවත,
හෝමාගම.
ආචාර්ය පද්ම රණසිංහ,
පශ්චාත් උපාධි පීඨය,
කැලණිය විශ්වවිද්යාලය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.