හිමාලයේ පාරාදීසය
About this book
මෙම කෘතියේ අන්තර්ගතය කතුවරිය සංචාරයෙන් ලද ආස්වාදය සහ වින්දනයට පමණක් සීමා කර නැත. මෙහි නූතන සහ පුරාණ භාරතයේ සමාජ-ආර්ථික, දේශපාලන හා ඓතිහාසික තොරතුරු ද විශ්ලේෂණය කර ඇත්තේ ඇය විසින් යෙදෙන ලද විදෙස් සංචාර අත්දැකීම් මෙන්ම රාජ්‍ය සේවයේ උසස් තනතුරුවල දීර්ඝ කාලයක් සේවය කර ලබා ගත් පරිචය ද උපයෝගී කර ගනිමිනි. යුග කිහිපයක ඉතිහාසය, ගෘහ නිර්මාණ ශිල්පය, සභ්‍යත්වය සහ ආගම් පිළිබඳව ද කරුණ සම්පීණ්ඩනය කර තිබෙන ආකාරය සිත් ගන්නා සුළුය. පාඨකයාගේ රසාලිප්ත හැඟීම් පුබුදුවන පරිදි විචිත්‍ර ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමට හැකි රසඥතාවයත් කුසලතාවත් කතුවරිය සතුව තිබෙන බව මින් පැහැදිලි වේ.
Details
ISBN
9786245578450
පිටු ගණන (Pages)
214
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review