Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / හිත හදාගත් කෙනෙක් (පද්‍ය)

හිත හදාගත් කෙනෙක් (පද්‍ය)

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

සාර්ථක කාව්‍ය ග්‍රන්ථ කිහිපයක් සහ කෙටිකතා සංග්‍රහයක් ද තීරුලිපි සංග්‍රහයක් ද පළ කර ඇති සමිත බණ්ඩාර අටුවබැන්දෑල සම්මාන ලාභී දක්ෂ කවියෙකි. ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය වන හිත හදා ගත් කෙනෙක් කාව්‍ය ග්‍රන්ථ අත්පිටපත ගොඩගේ ප්‍රකාශකයින්ගේ කාව්‍ය ග්‍රන්ථ අත්පිටපත් තරගයේ හොඳම කාව්‍ය ග්‍රන්ථ කිහිපයෙන් එකක් ලෙස තේරී පත්ව මුද්‍රණය වී ඇති කෘතියකි.

ඔහුගේ රීතිය නිර්මාණාත්මකය. අතිශය නැවුම්ය. ඔහු ස්වකීය කාව්‍ය චින්තාවන් ඉදිරිපත් කරනුයේ ඉතා රමණීය ආකාරයෙනි. විසල් අපූර්වත්වයකිනි. එනිසාම අඳුරු රැයක දිදුලන දීප්තිමත් තාරකාවන් මෙන් ඔහුගේ විසල් කවිත්වය මෙම කෘතිය පුරාම දිදුලනු පෙනේ.

ඔහුගේ නිසග ප්‍රතිභාව හා පරිකල්පනය නිසා ඔප් නැංවෙන චින්තාවන් අපූර්ව කාව්‍යයන් බවට පත්වන්නේ රසිකයා විස්මපත් වන ආකාරයෙනි. මේ ඊට එක් නිදසුනක් පමණි.

ගඟ

(දුර ඈත පිහිටි

තමන් උපන් කඳු දෙස බලාගෙන

ගිමන් හරියි.

සැප දුක සමබර කරගෙන

ආ ගමන ගැන හිත හිත

මෝය කට ළඟ

ලුණු වතුර බිබී

මහලු වෙයි)

ඔහුගේ කවිත්වයට සහතික සැපයීම අනවශ්‍ය ව්‍යායාමයකි. ඔහුගේ කවිත්වයේ අරුමය දකින්නට එම කවියක් කියැවීම ම ප්‍රමාණවත් වේ.

ප්‍රවීණ කිවියර, විචාරක

සෙනරත් ගොන්සල් කෝරාළ

ISBN
9786240021920
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිත හදාගත් කෙනෙක් (පද්‍ය)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.