හෝම්ස්ට අභියෝග කළ හෝම්ස්
About this book
''යමු සර්''තුක් යක්ෂයා
ඔහු ඉවතට කෙළ ගැසුවේ ය.
''ඉස්සෙල්ලා මට කියනව තමුසේ කා වෙනුවෙන්ද වැඩ කරන්නේ? කවුද තමුසේ මෙතැනට එවුවේ?''
''කවුද එව්වේ...? තුක් යක්ෂයා... ''ඔහු නැවත ඉවතට කෙළ ගැසුවේය.
සැර අරක්කු ගඳ හෝම්ස්ට දැනුණි.
''ඔව් කියනවා නැත්නම් මම තමුසෙත් එක්කම පොලිසීයට යනවා''
''මේ මහත්තයා, තමුසේ මොකාටද එන්න හදන්නේ? මට ඒක ඉස්සෙල්ලා කියනවා. මම වලි සැන්ඩෝ කීවොත් ඕනෑම කෙනෙක් දන්නවා. මම නම්
ඊයේ රෑ ටිකක් දාලා හිටියේ. ඒත් මහත්තයට එච්චර ගාණක් තිබුණේ නෑනේ. මේක අමතක වෙන්න. තුක් යක්ෂයා...''
''මට ඒවයින් වැඩක් නෑ. කියනවා. කවුද තමුසේ මෙතනට එව්වේ?''
''කවුද එව්වේ...? මහත්මයාම නේ ඊයේ රෑ මට පවුම් සියයක් දීලා කිව්වේ.මහත්තයා චිත්‍රපටියක රඟපානවා.. එකේ
පෙරහුරුවක් කරන බවත්, රෑ 12ට සාමයේ සොල්දාදුවන්ගේ කුලුන ළඟට ඇවිල්ලා අත්, කකුල්, ඇස් බැඳ ඇති මහත්තයාව
නිදහස් කරගෙන එන ලෙසති මහත්තයාම නේ කිවුවේ. ඇයි මතක නැද්ද?''
තුක් යක්ෂයා ඔහු ඉවතට කෙළ ගැසුවේ ය.
හෝම්ස් තමා දෙස බලා සිනාසෙන සඳ රාජිනිය දෙස බැලුවේ ය.
''හා හරි හරි. මේ ඒක නෙවෙයි, ඔහේ ළඟ නැද්ද හොඳ සුරුට්ටු එහෙම, ටිකක් සීතලයි.''
''අන්න එහෙම එන්නකෝ සර්. දෙන්නම් නියම ඔර්ජිනල් සුරුට්ටුවක්........''
Details
ISBN
9789557283241
පිටු ගණන (Pages)
95
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review