I Cray Zee You
‘සෑමට සමානව සලකලා මේ ලෝකේ දියුණුවක් වෙන්න බෑ කොල්ලනේ. මේ ලෝකේ බුද්ධිමතුන් බිහි වෙන්න නං මෝඩයෝ ඉන්න ඕනේ, දිනන්නෙක් බිහිවෙන්න නං පරාද වෙන එකෙක් ඉන්න ඕනේ. ධනවතෙක් බිහි වෙන්න නං යාචකයෙක් ඉන්න ඕනේ. ඉන්දියාවේ අම්බානිගේ ගෙදර තට්ටු පනස් ගාණක් උසට ගහලා ටවර් එකක් විදිහට තියෙන්නේ, ඒක හැමෝටම පේන්නේ, ඒ ගැන හැමෝම කතා කරන්නේ ඇයි? ඊට පල්ලෙහා තියෙන ඔක්කොම මුඩුක්කු නිසා. ඒ හැම මුඩුක්කුවක්ම ටවර් එකක් තරමට දියුණු වුණොත්, අම්බානිව කාටවත් පේන්නැතුව යනවා. හැම එකාම දියුණු වුණාම ඒක නෝමල් වෙලා යනවා. හැමෝම ඉංජිනේරුවෝ වුණොත් කෝ ඉංජිනේරුවන්ට ජොබ්? හැමෝම දොස්තරලා වුණොත් කෝ ලෙඩ්ඩු? හැම කොල්ලෙක්ම කෙල්ලෙක්ම ලස්සන වුණොත් කොහොමද රූප රාජිනී තරග තියන්නේ? හැමෝටම මීටර 100 දිනන්න පුළුවන් වෙලා ගෝල්ඩ් මෙඩල් අටක්ම දීලා දැම්මොත් මොකද්ද ඔලිම්පික් එකේ තියෙන ලල් එක? දුෂ්ඨයෙක් නැත්තං වීරයෙක් බිහිවෙන්නෑ. බැරි එකෙක් නැතුව හැකි එකෙක් බිහිවෙන්නෑ. ඕනම සමාජයක් පවතින්නේ ඒ සමාජය විෂම වුණාමයි. හැමෝටම සමානව සලකනවා කියන එක වියරුවක්. ප්‍රැක්ටිකල් නැති හීනයක්.’
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.