ඉරි තැලූ කිරීටය
යම් දේශයක සාහිත්‍යය, විශ්ව සාහිත්‍යයේම දිගුවකි. සිංහල සාහිත්‍යයත්, දෙමළ සාහිත්‍යයත් ගැන සියුම් ලෙස අධ්‍යයනය කළහොත් පෙනී යන්නේ ඒ ද්විත්වය එකිනෙකට එරෙහි නොවන නිවුන් සොහොයුරන් බවය. දෙකෙහිම අරමුණු එකමයි.
එකම රටක භාෂා දෙකකින් ගොඩනැගෙන සාහිත්‍ය කලාව ගැන වඩා වුවමනාවෙන් සොයා බලා, එය නිර්මාණයකට චක්‍රාකාර වස්තු බීජයක් කරගත් නවකතාවක් ලෙස ඥානසේන පතිරණ ගේ 'ඉරි තැලූ කිරීටය' නවකතාව මම දකිමි.
මේ වන විට සාහිත්‍යයට සිදු වෙමින් පවත්නා නොසලකිල්ල කතුවරයා දකී. ඉන් සමාජයටත්, විශේෂයෙන් සාහිත්‍යයේ පදනම ලෙස සැලකෙන පාසල තුළින් ඈත් කර වීමත් නිසා ඇති විය හැකි ව්‍යසනයක් ගැන මෙම නවකතාවේ කතුවරයා ඉඟි කරයි. ඔහු ඒ පණිවුඩය පාඨකයා හමුවට ගෙන යන්නේ ප්‍රේමණීය අත්දැකීමක් ඔස්සේ වීම, 'ඉරි තැලූ කිරීටය' නවකතාව රසවත් කරයි.
ඉසුඹුලත් මහාචාර්ය සුසිරිපාල මානවඩු
සිංහල අංශය,
රුහුණ විශ්වවිද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.