ඉත්ථි

Special Price රු. 792.00 Regular Price රු. 990.00
In stock
SKU
iththi-disna-p-sooriyahetti-nethro-publishers

ජීවිතේ දුෂ්කරය ආ මඟ

හිත පතුලෙ විස කටු ඇනී

ඇදුම් කයි බෑ දරා ගන්නට

සැනසුමක් තව නෑ දැනී

නුඹේ සිහිලැල් සුවැති සෙවණේ

ඉසිනු සේ දැනුනා පිනී

ඒත් මට හිමි උරුම පැරදුම

නුඹත් හිමිහිට නික්මුනී..

 

රළු බොරලු කටු පිරුණ මගෙ මඟ

නුඹට සකසන්නට බැරී

බැඳුන අත්වැල බිඳී ගිය මුදු

සිතේ සෙනෙහස ඇත පිරී

ළඟින් හිඳි දා දැනුන සැනසුම

ගියා නොදැනිම මඟ හැරී

දුරින් හිඳ මම විඳිමි සැනසෙමි

ඔය සිතේ සුන්දර සිරී

 

ළඟින් හිඳ හිස සිඹින්නට බැරි

බිඳිනු බැරි පවුරක් ඇතී

නික්ම යනවා හැර කරන්නට

දෙයක් මතකෙට එන්නැතී

රිදුන පැරදුන හිතට නුඹ දුන්

දුකත් ඒ හැටි බර නැතී

ඒත් මගෙ සිත් විලේ සුපිපුන

නුඹ සොඳුරු පියුමක් වැනී..

Author දිස්නා පී. සූරියහෙට්ටි - Disna P. Sooriyahetti (9)
Publisher නෙත්රෝ ප්‍රකාශන - Nethro Prakashana (27)
More Information
ISBN 9786249491731
පිටු ගණන 224
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඉත්ථි
Back to Top