ඉත්ථි
About this book
ජීවිතේ දුෂ්කරය ආ මඟ
හිත පතුලෙ විස කටු ඇනී
ඇදුම් කයි බෑ දරා ගන්නට
සැනසුමක් තව නෑ දැනී
නුඹේ සිහිලැල් සුවැති සෙවණේ
ඉසිනු සේ දැනුනා පිනී
ඒත් මට හිමි උරුම පැරදුම
නුඹත් හිමිහිට නික්මුනී..
රළු බොරලු කටු පිරුණ මගෙ මඟ
නුඹට සකසන්නට බැරී
බැඳුන අත්වැල බිඳී ගිය මුදු
සිතේ සෙනෙහස ඇත පිරී
ළඟින් හිඳි දා දැනුන සැනසුම
ගියා නොදැනිම මඟ හැරී
දුරින් හිඳ මම විඳිමි සැනසෙමි
ඔය සිතේ සුන්දර සිරී
ළඟින් හිඳ හිස සිඹින්නට බැරි
බිඳිනු බැරි පවුරක් ඇතී
නික්ම යනවා හැර කරන්නට
දෙයක් මතකෙට එන්නැතී
රිදුන පැරදුන හිතට නුඹ දුන්
දුකත් ඒ හැටි බර නැතී
ඒත් මගෙ සිත් විලේ සුපිපුන
නුඹ සොඳුරු පියුමක් වැනී..
Details
ISBN
9786249491731
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review