Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ජාවයි මමයි
About this book

මේ කතාව ඔයාලට කියන්නේ පැව්ලික් සැගොරොඩ්නි. එයාට වයස දොළහයි. එයාගේ අතිජාත මිත්‍රයා වගේම අසල්වාසියා තමයි ජාවා. ඒත් එයාගේ ඇත්ත නම අයිවන් රෙන්. ඒ දෙන්නම ඉගෙන ගත්තෙත් එකම පන්තියෙ. පහේ පන්තියෙ. යුක්‍රේනයේ ඉස්කෝලවල පොඩි පන්ති වලට ඔය විභාග කියන ඒවා නෑ. ඒත් මේ දෙන්නට ඒ විභාගය කියන දේට මේ අවුරුද්දෙ ඉදලා මූණ දෙන්න සිද්ධ වෙලා. දැන් ඉතින් අවසාන වාර විභාගෙත් අත ළඟ. ඒත් ඒ දෙන්නා හිටියේ නම් ඒ ගැන වගේ වගක් නැතුව. කොයි වෙලාවක බැලුවත් සෙල්ලමේම තමයි. ඒ අස්සෙ ඒ දෙන්නා රහස් පක්‍ෂකයො වෙන්නත් පටන් අරගෙන. ජාවාට නම් ගෙදර ඉඳලා ඇති වෙලා රොබින්සන් ක්රූසෝ කෙනෙක් වගේ වෙලා පාළු දූපතකට යන්නත් හිතිලා. ජාවාට එහෙම හිතුණේ ඇයි? අන්තිමේදී ඒ දෙන්නට බිහිසුණු අත්දැකීමකට මූණ පාන්නත් සිදු වෙනවා.

මේක අපෙත් දඟකාර පොඩ්ඩන්ගේ කතාවයි.

විසියෙවලද් නෙස්තායිකා කියන යුක්‍රේන ලේඛකයා මේ පොත ලියලා තියෙන්නේ 1983 දී.“ළමා කාලය කියන්නේ ඇත්තෙන්ම පුදුම සහගත වගේම කවදාවත් අමතක නොවන කාලයක්. මේ පොත කියවන පොඩි වැඩිහිටියෝ මාත් එක්ක හිනා වෙනවා නම්, මං මගේ කාරිය හරියටම කරලා තියෙනවා කියලා මට හැඟේවී.” එහෙම තමයි යුක්‍රේනයේ විසියෙවලද් නෙස්තායිකා ලේඛකයා කියලා තියෙන්නේ.

ISBN
9789245664931
පිටු ගණන (Pages)
206
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ජාවයි මමයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.