බොනී සහ ක්ලයිඩ්
19 හැවිරිදි, කුඩා සිරුරකින් යුතු, උස අඩි 5 ක් වත් නැති, බර රාත්තල් 90 කට නොවැඩි බොනී, මිනීමරුවකු සමඟ විවාහ වී සිටියාය. ඩලාස්හි දුප්පත් නිවෙසක විසූ ඇය අවන්හලක වේටර්වරියක ලෙස සේවය කළ අතර ආධුනික කිවිඳියක්ද වූවාය. 21 හැවිරිදි ක්ලයිඩ් අවිවාහකයෙකි. ඔහුත් ඩලාස්හි වඩාත් අසරණ අඳ ගොවි පවුලකින් පැවත ආ, දුප්පත්කමට වෛර කළ සමාජයේ තමාටම හිමි තැනක් දිනා ගැනීමට උත්සාහ කළ, සුළු පරිමාණ මංකොල්ලකරුවෙකි.
බොනී සහ ක්ලයිඩ් 1930 ජනවාරි ටෙක්සාස්හිදී පළමු වරට මුණ ගැසී ඇත. එතැන් පටන් කොල්ලකෑම්, මිනීමැරුම් සහ වෙනත් සමාජ විරෝධී අපරාධ රැසකට වගකියමින් මොවුන් දෙදෙනා තවත් සමාජ විරෝධී තරුණයන් කීප දෙනෙක් සමග සාදාගත් කුඩා කණ්ඩායමක් වශයෙන් රට පුරා භීතිය පැතිරවීමට සමත් වූහ. පවුලේ අයට තිබූ බැඳීම හේතුවෙන් මොවුන් දෙදෙනා තම ඥාතීන් මුණගැසීමට වරින් වර ගම්බිම් බලා පැමිණි අතර එවන් අවස්ථා කීපයකදී නීති නිලධාර්න් විසින් මොවුන් කොටු කර ගැනීමට උත්සාහ කළද ඒවා ව්‍යාර්ථ විය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.