Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ලක්දිව එදා සහ අද

ලක්දිව එදා සහ අද

About this book

1884 ඔක්තෝබර් 3 වන දින ඉන්දියාවේ උපත ලැබූ කොලීන් මෙට්කාෆ් එන්රිකස් 1903 බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු ලෙස පත් වීමක් ලබා ගත්තේය. අවස්ථාවක් ලැබුණු සෑම අවස්ථාවකදිම සංචාරයේ යෙදුණේය. පරිසරවේදියෙකු ලෙස ගවේෂණයේ යෙදුණු ඔහු තමා රැස් කරගත් තොරතුරු සඳහන් මුල්ම පොත The Pathan Borderland ලෙස 1921 පළ කරන්නට යෙදුණි. හමුදාව ඔහුගේ මේ ලේඛන කටයුතු වලට අකමැති වුවද, අවසානයේ ඔහුගේ කෘතීන් හමුදාවට ‘ප්‍රයෝජනවත් තොරතුරු' ලෙස සලකනු ලැබූ බැව්න් ඔහුට අකමැත්තෙන් වුවද දිගටම ලිවීම කරගෙන යාමට අවසර දෙන ලදී.

බුරුමයේ හමුදා රයිෆල් පොලිසියට බැඳුණු ඔහු වසරක නිවාඩුවක් ගෙන ලොව පුරා සංචාරය කළේය. ඔහුගේ සංචාර පිළිබඳ වාර්තාවක් ඔහුගේ ප්‍රකාශයට පත් නොකළ දිනපොත් අතර වේ.

මේ 'ලංකාව එදා හා අද' කෘතිය ඔහු 1927 දී ලංකාවට පැමිණ වී සංචාරය පිළිබඳව තැබූ සටහනයි. ලංකාවේ භූ විද්‍යාත්මක ඉතිහාසය සහ මානව ඉතිහාසය, පුරාණ රාජවංශ, මහින්ද යුගය, අනුරාධපුරය, සිගිරිය, පොලොන්නරුව, යාපහුව, කුරුණෑගල, යුරෝපීය ආක්‍රමණ, සහ විදේශයන්හි සිංහල බලපෑම ඇතුළුව එවකට ලංකාවේ පැවති. යටත් විජිත පාලනය පිළිබඳව පැහැදිලි විස්තරයක් ලබා දෙයි. එසේම ඔහු දිවයිනේ දකුණු වෙරළ, ඌව පළාත, උස්බිම්, ආදම්ගේ කඳු මුදුන, පේරාදෙණිය, මහනුවර, ත්‍රිකුණාමලය, යාපනය, සහ ලංකාවේ ජනවාර්ගිකත්වය පිළිබඳව අවධානය යොමු කරන්නේ, ලංකාවේ යටත් විජිත ලේකම්ව සිටි ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් විසින් රචිත 'ද සිලෝන්' කෘතිය වැඩි දුරටත් පරිශීලනය කරමිනි.

එසේම ඔහු සෑමවිටම ලංකාවේ බුදු දහමේ ඉතිහාසය හා සිදුවීම් එවකට ඔහු ජීවත් වූ බුරුමයත් (අද මියන්මාරය) සමඟ සසදන්නට අමතක නොකරයි. සැබෑ පරිසරවේදියෙකු මෙන්ම සමනලුන් එකතු කරන්නෙකු වූ කොලින් මෙට්කාෆ් එන්රිකස් මෙම කෘතියේ අවසානයේ ලංකාවේ තමාට හමුවූ සමනලුන් පිළිබඳව වැදගත් සටහනක් ද තබා ඇත.

Details
ISBN
9786245865710
පිටු ගණන (Pages)
263
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ලක්දිව එදා සහ අද

Reviews are published once a member of our team has read them.