Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ලක්දිව එදා සහ අද
About this book

1884 ඔක්තෝබර් 3 වන දින ඉන්දියාවේ උපත ලැබූ කොලීන් මෙට්කාෆ් එන්රිකස් 1903 බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු ලෙස පත් වීමක් ලබා ගත්තේය. අවස්ථාවක් ලැබුණු සෑම අවස්ථාවකදිම සංචාරයේ යෙදුණේය. පරිසරවේදියෙකු ලෙස ගවේෂණයේ යෙදුණු ඔහු තමා රැස් කරගත් තොරතුරු සඳහන් මුල්ම පොත The Pathan Borderland ලෙස 1921 පළ කරන්නට යෙදුණි. හමුදාව ඔහුගේ මේ ලේඛන කටයුතු වලට අකමැති වුවද, අවසානයේ ඔහුගේ කෘතීන් හමුදාවට ‘ප්‍රයෝජනවත් තොරතුරු' ලෙස සලකනු ලැබූ බැව්න් ඔහුට අකමැත්තෙන් වුවද දිගටම ලිවීම කරගෙන යාමට අවසර දෙන ලදී.

බුරුමයේ හමුදා රයිෆල් පොලිසියට බැඳුණු ඔහු වසරක නිවාඩුවක් ගෙන ලොව පුරා සංචාරය කළේය. ඔහුගේ සංචාර පිළිබඳ වාර්තාවක් ඔහුගේ ප්‍රකාශයට පත් නොකළ දිනපොත් අතර වේ.

මේ 'ලංකාව එදා හා අද' කෘතිය ඔහු 1927 දී ලංකාවට පැමිණ වී සංචාරය පිළිබඳව තැබූ සටහනයි. ලංකාවේ භූ විද්‍යාත්මක ඉතිහාසය සහ මානව ඉතිහාසය, පුරාණ රාජවංශ, මහින්ද යුගය, අනුරාධපුරය, සිගිරිය, පොලොන්නරුව, යාපහුව, කුරුණෑගල, යුරෝපීය ආක්‍රමණ, සහ විදේශයන්හි සිංහල බලපෑම ඇතුළුව එවකට ලංකාවේ පැවති. යටත් විජිත පාලනය පිළිබඳව පැහැදිලි විස්තරයක් ලබා දෙයි. එසේම ඔහු දිවයිනේ දකුණු වෙරළ, ඌව පළාත, උස්බිම්, ආදම්ගේ කඳු මුදුන, පේරාදෙණිය, මහනුවර, ත්‍රිකුණාමලය, යාපනය, සහ ලංකාවේ ජනවාර්ගිකත්වය පිළිබඳව අවධානය යොමු කරන්නේ, ලංකාවේ යටත් විජිත ලේකම්ව සිටි ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් විසින් රචිත 'ද සිලෝන්' කෘතිය වැඩි දුරටත් පරිශීලනය කරමිනි.

එසේම ඔහු සෑමවිටම ලංකාවේ බුදු දහමේ ඉතිහාසය හා සිදුවීම් එවකට ඔහු ජීවත් වූ බුරුමයත් (අද මියන්මාරය) සමඟ සසදන්නට අමතක නොකරයි. සැබෑ පරිසරවේදියෙකු මෙන්ම සමනලුන් එකතු කරන්නෙකු වූ කොලින් මෙට්කාෆ් එන්රිකස් මෙම කෘතියේ අවසානයේ ලංකාවේ තමාට හමුවූ සමනලුන් පිළිබඳව වැදගත් සටහනක් ද තබා ඇත.

ISBN
9786245865710
පිටු ගණන (Pages)
263
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ලක්දිව එදා සහ අද
This book ලක්දිව එදා සහ අද ශ්‍රීලානි ප්‍රනාන්දු
රු. 1,040.00 රු. 1,300.00
බොනී සහ ක්ලයිඩ් ශ්රීලානි ප්රනාන්දු
රු. 1,040.00 රු. 1,300.00
සෙරෙන්ගෙටි මිය නොයනු ඇත ශ්රීලානි ප්රනාන්දු
රු. 1,040.00 රු. 1,300.00
3 books selected
රු. 3,120.00 රු. 3,900.00
Save රු. 780.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලක්දිව එදා සහ අද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.