ලක්දිව උතුරුකරයේ සත් වසක්
ලක්දිව උතුරුකරයේ සත් වසක් Seven Years In Ceylon මේරි හා මාග්‍රටි ඩබ්ලිව් ලීච් සොහොයුරියන් විසින් මිෂනාරිවරියන් ලෙසට ලංකාවේ යාපනය ප්‍රදේශයේ ජීවත්ව සිටි වසර හතක් තුළ 1890 –1396) ලත් තම අත්දැකීම් පිළිබඳ මතක සටහන් අලළා ලියන ලද කෘතියකි. මෙය පරිච්ඡේද කිහිපයකට බෙදා ඇති අතර, ඒ සෑම එකකින්ම එහිදී තමා ලැබූ අත්දැකීම් පිළිබඳ විවිධාකාර වූ කතාන්දර මේරි ලීච් විසින් ඉතා ආකර්ෂණීය අයුරින් පවසා ඇත. මෙම කෘතියෙන් 19 වන සියවසේ අගභාගයේදී ලංකාවේ උතුරුකරයේ වසන මිෂනාරිවරයෙකුගේ ජීවිතය පිළිබඳ සිත් ඇදගන්නා සුළු වාර්තාවක් සපයයි. ඔවුන්ට එහිදී මුහුණ පෑමට සිදුවෙන භාෂා බාධක, සංස්කෘතික වෙනස්කම් සහ නව පරිසරයකට අනුවර්තනය වීමේ දුෂ්කරතා වැනි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ලෙසට ඇය මුහුණ දුන් අභියෝග පිළිබඳව මේරි ලීච් මෙහි සඳහන් කොට ඇත.
ඇය යාපනයේ ප්‍රදේශවාසීන්, වෙනත් මිෂනාරීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළුව ඇය රැඳී සිටි කාලය තුළ ඇයට හමු වූ පුද්ගලයින් පිළිබඳව දිගු විස්තර සපයා තිබේ. එසේම මෙහි දී ඇය තමන් ප්‍රචාරය කළ ආගම පිළිබඳව පමණක් නොව, මුල් වරට යාපනයේ ගැහැනු දරුවන් හට ලබා දුන් අධ්‍යාපනය, නේවාසික පාසැල්, සෞඛ්‍යය සහ සමාජීය ප්‍රශ්න ඇතුළු පුළුල් පරාසයක මාතෘකා ආචරණය කරයි. ප්‍රදේශවාසීන්ගේ කියවීම හා ලිවීමේ හැකියාව දියුණු කිරීම සඳහා නව පාසැල් විවෘත කිරීම මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමත් පුළුල් කරමින් ඔවුන් විසින් කළ මිෂනාරී සේවය ගැන මේරි ලීච් තබා ඇත්තේ දීර්ඝ වාර්තාවකි.
එසේම ඒ යුගයේ දිවයිනේ වෙසෙන සාමකාමී ජනතාව කෙරෙහි අයුතු ආකාරයෙන් බල පවත්නා යටත් විජිත වාදය ගැන ඇය බලවත් සේ කනස්සල්ලට පත් වී ඇත. බ්‍රිතාන්‍ය රජය තම ආදායම් තර කොට ගැනීමේ අරමුණ පෙරදැරි කොටගෙන ව්‍යාප්ත කරන ලද තැබැරුම් හේතුවෙන් සාමකාමී ජන ජීවිතය බලවත් සේ ව්‍යසනයක් කරා ගෙන යන බවට පවසමින් ඇය කෙළින්ම රජය වෙතට දොස් පවරා ඇත්තේ එවකට ප්‍රචලිත වූ අමද්‍යප ව්‍යාපාරයට උපකාර කරමිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.