ජන සංහාරයේ දින පොත
මෙය 'නොනා ලිසොව්ස්කජා බැනිස්ටර්' නම් රුසියානු ඇමරිකානු කාන්තාව විසින් දෙවන ලෝක යුද සමය හා නාසි හමුදා භීෂණයේ තම පෞද්ගලික අත්දැකීම් පදනම් කරගෙන ලියූ සටහන් පෙළකි. නමුත් ඇගේ රහසිගත ජීවිතය පිළිබඳ මෙම සටහන් පෙළ ග්‍රන්ථයක් ලෙස ප්‍රසිද්ධ කෙරුණේ වසර 2004 දී ඇය මිය යෑමෙන් පසු ය.
යුක්රේනයේ ඉතා ධනවත් පවුලක දැරියක ලෙස ඉපදුණු නොනා ඉතා පැහැදිලි අනාගතයකට හා ශ්‍රීමත් පවුලක ට හිමිකම් කියන්නියක වූවාය. නමුත් බොල්ෂෙවික්වරුන්ගේ විප්ලවය, දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර් ගේ ජර්මානු හමුදා රුසියාව යටත් කර ගැනීම, නාසි හමුදා අත් අඩංගුවට පත් ව සමූල ඝාතන කඳවුරු තුළට ගාල්වීම ආදියෙන් ඇගේ හා පවුලේ සාමාජිකයින්ගේ ජීවිත සහමුලින්ම උඩු යටිකුරු විය. භාෂා පහකට වඩා දැන සිටි නොනා යුද්ධයට මැදි වීමෙන් පසු පියා විසින් දුන් දින පොත්වල තම අත්දැකීම් ලීවා ය.
නොනා දෙවන ලෝක යුද සමයේ නාසි හමුදා අත්අඩංගුවට පත් ව දිවි බේරා ගත් කිහිපදෙනාගෙන් අයෙකු වීම විශේෂත්වයකි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.