Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ජුරාසික් අධිරාජ්‍යය

ජුරාසික් අධිරාජ්‍යය

About this book

''ඔයාගේ අනුමාණය හරි ඇලන්. මෙයාගේ තියෙන්නේ ක්‍රිටේසියස් යුගයේදී මිහිතලයෙන් වඳවෙලා ගිය ඩයිනෝසරයින් ගේ ජාන සංයුතියක්. මම මේ කෘමි රංචු ගැන පහුගිය ජනවාරියේ ඉඳලම විමසිල්ලෙන් හිටියේ. මුලින්ම මේ කෘමි රංචුවල හිටියේ පළගැටියන් සිය ගණනක්. හැබැයි ගිම්හාන සෘතුව අවසන් වෙද්දී පළගැටියන් මිලියන් ගණනක් බිහිවෙලා. මේ තත්ත්වය මහා විනාශයක ආරම්භයක් කියලා මට වැටහෙනවා. ඒක ස්වභාවික ආහාර දාමවල සමතුලිත බවටත් විශාල අනතුරක් කරනවා. මේ පළගැටි ගහණය තව දුරටත් වර්ධනය වුණොත් කුකුලන්ට වගේම ගොවිපොළ සත්තුන්ට ආහාරයට ගන්න කිසිම පැලෑටියක් ඉතිරිවෙන එකක් නෑ. ඒ වගේම ස්වභාවික ආහාර දාමයත් සුණු විසුණු වෙනවා.''

කූඩුව තුළ වැතිර සිටින යෝධ පළගැටියා දෙස තව දුරටත් විමසිල්ලෙන් බලා සිටි ආචාර්ය ඇලන් ග්‍රාන්ට් මෙසේ පැවසීය.

''මට හිතෙන විදිහට මේ ඉන්නේ විද්‍යාඥයින් විසින් කෘතිමව නිර්මාණය කරපු පළගැටියෙක්. ඒ වුණත් කවුරුහරි කෙනෙක් මෙහෙම සතෙක් නිර්මාණය කරන්නේ ඇයි ?

අන්න ඒකයි මට තියෙන ගැටළුව.”

'බයොසින් සමාගමෙන් නිෂ්පාදනය කරන බීජ වර්ගවලින් හැදෙන පැලෑටි විතරක් මේ පළගැටියා ආහාරයට ගන්නේ නැහැ.” එලී එසේ කීවාය.

ISBN
9786245865833
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ජුරාසික් අධිරාජ්‍යය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.