Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කඳුළු කුණාටුව

කඳුළු කුණාටුව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සමන්තා නිකමට මෙන් කැඩපත ගෙන කම්මුල පිරික්සුවාය. මේ කම්මුල් දැන් ඔහුගේ පහරවල්වලට හොඳින් හුරුය. තමා පෙම් කළ හීන කුමාරයා මොහු නොවේ. තමාට දැන් අවශ්‍ය තමා හීන ලෝකයට ගෙන යන හැඩි දැඩි කඩවසම් පෙම්වතෙකු නොව, තම දරුවන්ගේ වගකීම් කරට ගනිමින්, තමාත් සමග ජීවිතයේ දුක සැප බෙදාගන්නා ආදරණීය ස්වාමි පුරුෂයෙක්ය යන ඇත්ත සමන්තා තේරුම් ගනිමින් සිටියාය. ගැහැනිය කවර කරුණක් ගැන වුවද බොහෝ විට යුක්තිය විසඳන්නේ සිය හදවතට නැගෙන විදියට මිස මනසින් කෙරෙන විග්‍රහයක් අනුව නොවේ. ඈ අතින් කෙරෙන බොහොමයක් වැරදිවලට හේතුව එයම වේ. සමන්තා ද තීරණ ගන්නේ හදවතිනි. හදවතට එකඟ වූ සෑම අවස්ථාවකම ඇයට හිමි වූයේ පරාජයයි.

''ඔය කීවට කේන්තිය නිවුණාම බඩගිනි දැනුණාම ආපහු මෙතෙන්ටම එනවා... එයාට හයියක් කොහෙන්ද ගිහින් මහතුන්ගෙන් සල්ලි ඉල්ලන්ඩ....” සමන්තා තමාට කියා ගත්තාය. වේදනාවටත් වඩා කාංචනා ගැන ඇතිවූ ඊර්ෂ්‍යාවකින්ද ඇගේ හදවත පෙලුණි.

ISBN
9789551116347
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කඳුළු කුණාටුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.