කහ පාට මල්
About this book
මට ඕන පොතක චරිතයක් වෙන්න. හැමදාම මිනිස්සුන්ට මතක තියෙන චරිතයක්... ඔයාට එහෙම ඕන නැද්ද..?”
"නෑ. මට පුරාවෘතයක් වෙන්න ඕන නෑ.සරදියෙල් මීනුකා වගෙ... කෝවලන් කන්නගි වගෙ... සිද්ධාර්ථ යශෝධරා වගේ.. එයාලා පුරාවෘත වුණේ වෙන්වීම ළඟ... අහිමි වීම ළග... ඒ විතරක් නෙවෙයි, ඔයා අර කිව්ව දම්මි සුගත්... අරවින්ද.. දෙවොන්දොරා නොරිකො.. එයාලත් වෙන්වුණා.එයාලටත් අහිමි වුණා. ඒ නිසා මට එපා එහෙම. මිනිස්සුන්ට මතක තියෙන චරිතයක් වෙනවට වඩා,පොතක චරිතයක් වෙලා අමරණීය වෙනවට වඩා, ගෙවන පුංචි කාලය හරි ආදරේ කරන අය එක්ක ගෙවලා මැරිලා යන්න මං කැමතියි.”
එහෙත් සත්වි,,, ඈ නිහඬවම අසා හිඳ සිනාසුනේ පොළවට ය.
"දන්නවද... සමහර ඉරණම් වෙනස් කරන්න බෑ.සමහර අය ඉපදෙන්නෙම පුරාවෘත වෙන්න. ඒක එයාලට ඕන වුණත්, නැතත්.”
Details
ISBN
9786245558650
පිටු ගණන (Pages)
568
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review