කළු සල්ලි
කළු සල්ලි
" අනේ මට යන්න දෙන්න... මේ කොහේද අපි
ඉන්නේ?" ෂෙනොන් නොනවත්වා විලාප නැඟුවේ
ය. එවිට අවජාතක දුෂ්ට මැරයා, සත්‍යජිත්
ලාබාල තරුණයාගේ කම්මුල හරහා අතුල්
පහරක් එල්ල කළේ ය. ෂෙනොන් එම පහරින්
කැරකී මිහිමත පෙරළී ගියේ ය. ඔහුගේ තොල
පැලී රුධිරය ගලා ආවේ ය. මරණ බිය ඔහුගේ
මුහුණින් පැහැදිලිව ම දිස් විණි. මේ බියකරු
දසුන දෙස ගල් ගැසී බලා සිටි ජනිත්ගේ දත් ඇඳි
කිටි කිටි ගා ගැටිණි. ඔහුගේ දෑත වෙවුලුවේ
අපස්මාරය වැලඳුණු රෝගියෙකු මෙනි.
දියේ ගිලීමක්
"මම මිස්ටර් ජගත්ට කියපු විදියට මේක ඇත්තට ම මුහුදෙ ගිලිලා සිද්ධ වුණු මරණයක් නෙවෙයි. පැහැදිලිව ම පෙනහළුවල මුහුදු ජලය තිබුණෙ නැහැ. ඒ විතරක් නෙවෙයි මම හෘදය වස්තුවෙ රුධිර සාම්පලත් බොහොම ප්‍රෙවේසමෙන් පරීක්ෂා කරලා බැලුවා. මිස්ටර් ජගත් දන්නවද දන්නෑ සාමාන්‍යෙයන් යම් පුද්ගලයෙක් දියේ ගිලිලා මරණයට පත්වෙද්දි පැහැදිලිවම අවස්ථා තුනක් පහු කරනවා. පළවෙනි අවස්ථාව තමයි හුස්ම අල්ලා ගැනීම. ඒ කියන්නේ Breath Holding හුස්ම අල්ලා ගැනීම කියන කාරණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.