Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / කාල් මාක්ස් - ආචාර්ය උපාධි නිබන්ධනය

කාල් මාක්ස් - ආචාර්ය උපාධි නිබන්ධනය

About this book

මේ කෘතිය ඔස්සේ චමිල් ජයනෙත්ති අප වෙත ගෙන එන්නේ ජර්මනියේ යේනා (Jena) විශ්වවිද්‍යාලයට කාල් මාක්ස් ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධයයි. මාක්ස්ගේ රචනා සහ ඒවායේ අන්තර්ගතය පිළිබඳ හැදෑරීමක් ඇති සිංහල පාඨක පිරිසට පවා ආචාර්ය කාල් මාක්ස් යන යෙදුමට සාපේක්ෂව ද මෙය නුහුරු කෘතියකි. මාක්ස් සිය ආචාර්ය උපාධි නිබන්ධය මුල්වරට ජර්මානු භාෂාවෙන් 1841 වසරේදී පළ කරන විට ඔහුගේ වයස අවුරුදු 23කි.

මාක්ස් මේ කෘතියෙහි දාර්ශනික මතවාද දෙකක් සංසන්දනය කරන්නේ ඒවායේ ඓතිහාසික පසුබිම හා ගොඩනැගීම මතු කර දක්වමිනි. එබැවින් මේ කෘතිය මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ප්‍රවේශ ද්වාරයක් සපයයි.

ග්‍රීක දර්ශන ඉතිහාසයේ එතෙක් නොවිසඳී තිබුණු ගැටලුවක් විසඳීමට තම නිබන්ධය රචනා කළ මාක්ස් අවධාරණය කරන්නේ අප අවසාන වශයෙන් සලකා බැලිය යුත්තේ පුද්ගලිකත්වය නොව දාර්ශනික චින්තනයේ සම්බන්ධතාව බවයි. එබැවින් මේ කෘතිය නව දැනුම ගොඩ නැගීම පිළිබඳ ආපසු හැරී බැලීමක් ලෙස ද කියවීම වටී.

මේ කෘතිය පරිවර්තනයට එළඹෙමින් චමිල් ජයනෙත්ති භාර ගන්නේ බරපතළ අභියෝගයක් බව බැලූ බැල්මට පෙනේ. ඔහු 2019 වසරේදී හරිත සමාජවාදය' කෘතිය පළ කරමින් 21 වැනි සියවසේ අපට සම්මුඛ වන අභියෝග සහ ගැටලු ඓතිහාසික හා දාර්ශනික පදනමක් ඔස්සේ විමසා බැලීම ආරම්භ කරයි. චමිල්, 2024 වසරේදී කාලය, අවකාශය තුළ මාක්ස්වාදය' කෘතියෙන් එම සංවාදය වඩා පුළුල් තලයකට ගෙන එයි. ඒ ඔස්සේ මේ කෘතිය උපායශීලිව සහ සංකල්පමය වශයෙන් මැනවින් ස්ථානගත කිරීමට ඔහු සමත් ව ඇත.

වාම දේශපාලන ක්‍රියාධරයකු ලෙස දශක තුනකට වැඩි අත්දැකීම් ද ඒ සමග බැඳුණු හැදෑරීම් ද ඇති චමිල් ජයනෙත්ති, මාක්ස්ගේ මුල් ලියවිල්ලක් කියවීම සඳහා මේ කරන ආරාධනය සුවිශේෂී ය. දේශපාලනික ය.

අසෝක ඩයස් MMM(Colombo); MBA(RUSL) අධ්‍යක්ෂ, සිරස මාධ්‍ය ජාලය

ISBN
9786242041490
පිටු ගණන (Pages)
83
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කාල් මාක්ස් - ආචාර්ය උපාධි නිබන්ධනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.