කරුණාවතී සහ පුස්තකාලය
‛ආ... එයා ඉතින් මොකද? ලියනවා, ලියනවා, ලියනවා. ඒවම කියවනවා, ආපහු ලියනවා, කියවනවා සමහර විට ඉරලා දානවා. එයාට මං ඉන්නවද නැද්ද කියලාවත් මතක නැහැ. අනේ, මේ අපේ අම්මලා මට දාපු වදමල් මාලයක් නේ, අර මරන්න ගෙනියන කොට දාන්නේ! ඉතින් මං ඒකත් බෙල්ලේ දාගෙන වධකයා මගේ බෙල්ලට කොටන දවස වෙනකම් පෙරහැරේ යනවා බොරුවට හිනා වෙවී. වෙන මොනවා කරන්නද?” නෝනා ටෙලිෆෝන් එකෙන් එහෙම කියනවා කරුණාට ඇහුණේ අහම්බෙනි.
“ළමයි?! මං කොච්චර ආසද අනේ දරුවෙකුට? දරුවෝ හදන්න ඉතින් එක ඇඳේ බුදියන්න එපැයි අපි දෙන්නා...! ඉතින් මොන ළමයිද...? ඒත් මට හිතුණොත් මම ඒකත් කරනවා. විවාහය කියන්නේ එකට පොතේ අත්සන් කරලා වෙනම ලෝක දෙකක ජීවත්වීම නෙමෙයිනේ නේද?”
"මේ මන්දිර ඇතුළේ තියෙන ප්‍රශ්න!” කරුණාවතීට හිතුණේ එවිටය. අපේ දුප්පත් කටුමැටි පැල්පත්වල විතරක් නෙමෙයි හැම සැප සම්පතක්ම තියෙන මේ ගෙවල්වලත් මහා බරපතළ ප්‍රශ්න තියෙනවා. අනේ අනිච්චං!!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.