Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කසාවත ගැන කතාවක්

කසාවත ගැන කතාවක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“පොඩි හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිවුර හැර දමා ගෙදර ගියොත් ළිඳක් වේවි. මැරෙනකම් අම්මා බලාගනීවි. ඊළඟට අක්කලා, අක්කලාගෙන් පස්සෙ ඒ අයගේ දරුවෝ, කසාද බැන්ඳත් ඒ සන්තෑසියම තමයි. ඒත් පොඩි හාමුදුරුවෝ සිවුරේ ඉඳලා අපේ ලොකු හාමුදුරුවෝ වගේ වුණොත් මහ ගඟක් වෙන්න පුළුවන්. අඩු තරමෙන් මම  වගේ පුංචි දොලපාරක් වෙන්න පුළුවන්” සිරිමාන්න මහත්තයා කීවේය.

“සිරිමාන්න මහත්තයා, මේ සිවුර නැත්නම් මම කකුල් දෙක අල්ලලා මහත්තයාට වඳිනවා” මම කීවෙමි. 

“මට?” මම කීවෙමි.

“ඔව්. මහත්තයාට නොවෙයි. මහත්තයා එක්ක ඉන්න අපේ බෝධිසත්වයන්ට” මම කීවෙමි.

සමරසිංහ ගුණසේකර අධ්‍යාපන නීතිය, අධ්‍යාපන කළමනාකරණය, සැලසුම්කරණය, පර්යේෂණ ක්‍ෂේත්‍රය, යෞවන සාහිත්‍යය, ළමා සාහිත්‍යය ආදී විවිධ ක්‍ෂේත්‍රවලට අයත් පොත් රාශියක් සම්පාදනය කළ ලේඛකයෙකි. ඔහු සිංහලට පරිවර්තනය කළ කෘතිද ගණනාවකි. 2012 වර්ෂයේ හොඳම පරිවර්තන කෙටිකතා සංග්‍රහයට හිමි රාජ්‍ය සම්මානය ඔහුගේ ‘මඟ වැරදුණු ගැහැනිය කෘතියට හිමි විය. ඔහුගේ ‘කාලිදාස! කල් ඉකුත් වී නැත’ නම් වූ ප්‍රථම කෙටිකතා සංග්‍රහය 2017 රජත පුස්තක සම්මානය සඳහාද, 2017 ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා ද නිර්දේශ වී තිබේ. කසාවත ගැන කතාවක් ඔහුගේ ප්‍රථම නවකතාවයි.

ISBN
9789556564464
පිටු ගණන (Pages)
251
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කසාවත ගැන කතාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.