Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / කට්ටපරිච්චාන් සටන | BATTLE OF KATTAPARICHCHAN

කට්ටපරිච්චාන් සටන | BATTLE OF KATTAPARICHCHAN

About this book

BATTLE OF KATTAPARICHCHAN

යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව

මේජර් (විශ්‍රාමික) එම්. එන්. පී. සුජිත් සිරන්ජිව

Major (Rtd.) M.N.P SUJITH SIRANJEEWA

 

හිරු එලිය දැන් දැන් දැඩිව සිරුරට දැඩිව පීඩාකාරි වෙමින් මුදුන් වෙමින් පවතී. පෙර දිනයේ රාත්‍රී ආහාරයෙන් පසුව කුසට අහරක් මුවට දිය පොදක් නොමැතිව මේ වන විට පුරා පැය තුනකට ආසන්න කාලයක් නොනවත්වා සටන් වදිමින් සිටියි. මේ මොහොතේ ඇති වූ පිපාසය මත ලාන්ස් කෝප්‍රල් දම්මික වන්නි ආරච්චි සිය බෙල්ට් ඕඩරයේ වූ ඇළුමේනියම් වතුර බෝතලය එලියට ඇදගෙන පිපාසය සංසිඳවා ගැනීමට එහි මූඩිය විවර කරන්නට විය.

" මචං වන්නි මටත් වතුර ටිකක් දීපන් බෑජි"

ඔහුට මදක් නුදුරු කුඩා නියරක් අසල තම ආවරණය ගනිමින් සිටි සෙබළ කමාන්ඩෝ 100332 ලාන්ස් කෝප්‍රල් සෙනෙවිරත්න ඊ.ඩී. නොහොත් සෙවන් ස්කොඩ්‍රන් නම් පෙර පාඨමාලාවන් අසමත්ව සිට ඉඳුරම බඳවා ගැනීමේ පාඨමාලා අංක එක සමග කමාන්ඩෝ පාඨමාළාව හදාරා සමත් වුන සැමගෙ ආදරණීය නාමය වූ මුගාබේ විසින් බොහෝ බැගෑපත්ව බීමට ජලය පොදක් අයදින්නේය.

දම්මික විසින් ජල බෝතලය සිය අතට ගෙන බිම වැතිරුන ඉරියව්වේම වතුර බෝතලයේ මූඩිය විවර කර බලද්දි එයතුල වූ ජලය බොතලයෙන් භාගයකටත් වඩා අඩුවෙන තුරු මෙයට පෙර එන මග හිස් කර තිබුනි. ඒ මේ ගමන පැමිණියේ දහවල් කෑමට නැවත ත්‍රීකුණාමලය බලා යෑමේ බලාපොරොත්තු සමග වූ නිසාය. කොතරම් පිපාසාව වුවත් අත ඇත්තේ අවසන් ජල බින්දු කිහිපය වූවත් සිය මිතුරාගේ ඉල්ලීමට කන් නොදී සිටීමට දම්මිකට නොහැකිය. බොහෝ පරිස්සමට ජල උගුරු දෙකක් එකින් එක මුව මත තබා ගනිමින් එය මුව තුල කොටස් කර බොමින් යන්තම් ගතට සම්පුර්ණ නොවුත් සිතට සැනසීමක් වන්නට පමණක් සෑහෙන සේ ජලය පානය කිරීමෙන් අනතුරුව එහි මුඩිය තදින් සිර කර හැකි වෙර යොදා සෙනවිරත්න දෙසට දම්මික විසින් සිය වතුර බෝතලය දමා ගසන්නට විය....

" මුගා.. ඔන්න අල්ල ගනින් "

ස්…ස්..ස්..ස්ග්..ඩිංග්…..

පලාතම දෙදරවමින් කන් බිහිරි කරවමින් ඔවුන් අතරට ඒ සමගම ඇදි එන මිලිමිටර් අසු එක මෝටාර් බෝම්බයක් පතිතව පුපුරා යද්දී කළු දුමාරය මුසුව විසිරෙන පස් හා ගල් කැබලි වලින් සිරුර වැසී යන්න විය.

ISBN
9786249353909
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ????
    නොමියෙන විරුවන්ට
    ජාතියේ ප්‍රණාමය
    අනුරසිරි කෝට්ටේගොඩ ·
Write a review

You're reviewing: කට්ටපරිච්චාන් සටන | BATTLE OF KATTAPARICHCHAN

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.