කටුමැට්ටෙන් එහා
මාලනී අබේවික්‍රම මහත්මියගේ කටුමැට්ටෙන් එහා පළමුව මා කියවන්නේ මුහුණු පොතෙනි. එය කියවීමක් නොවීය… කියවන අත්දැකීමක් විය.
කුඩා කල පාසල ඇරී ගෙදර එන මඟ සංවහන කාලයේ වැටෙන වැසි මගේ මතකයට නැඟේ. දහවල ගිනියමට අස්වැසිල්ලක් ගෙනෙමින් දූවිලි පොඟවා එන නැවුම් සුවඳ, ඒ සුවඳ පෙනහළු පතුළට වැදී තව තවත් ඇස් වසා ආඝ්‍රාණය කරන්නට මා පෙළඹවූ හැටි සිහි වේ. මාලනී අබේවික්‍රමයන්ගේ කටුමැට්ටෙන් එහා ද එසේමය. වැසූ ඇස් පියන් පද්දමින්, හිස දෙපසට වනමින් ආයෙමත් ගැඹුරු හුස්මක් ගන්නට මට කියයි… එය ඒ තරම්ම නැවුම්ය.. ඈ අපට කියන්නේ මිහිතලයේ සුවඳයි… එක අතකට සොබාදහමේ විශ්වීය අයිතිකාරියක වූ ඈ තරම් ගැමි සුවඳ ගැන කියන්නට අප අසමත්ය. මහනුවර මහාමායා බාලිකා විදුහලේ සොබාදහම් සිසු හවුලේ නියමුවරිය ලෙස ඈ සිසු දියණියන් දහස් ගණනකට මේ පාඩම අත්පොත් තබා ඇත.
මේ පසු සටහන තැබීම මා ජීවිතයේ ලද භාග්‍යයකි. ගෞරවයකි. මන්දයත්, මගේ ආදරණීය ගුරුතුමියගේ “කටුමැට්ටෙන් එහා” කෘතිය ගැමි සුවඳ වෑහෙන කතාවන්ගේ සබවාදී ගමනාන්තයන් අතර හැරවුම් ලක්ෂ්‍යය වනු නියත නිසාය.
පූර්නමා විරසිංහ
(අධ්‍යාපනවේදිනී)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.