කවි සිතම දම් පාටයි
කවිය නම් වූ අති සියුම් මාධ්‍ය වෙත බොහෝ ඇලුම් කරන නිසා මනෝරත්න කිවිඳිය සිය පළමු කාව්‍ය සංග්‍රහය 'කවි සිතම දම් පාටයි' නමින් මෙසේ අප වෙත තිළිණ කරයි. ඇය කවිය වෙත ප්‍රිය බව අපි දනිමු. රටෙහි පරිපාලන ක්‍රියාවලියට මුල් පෙළේ දායකත්වයක් සපයන්නියක ලෙස මෙසේ කවියට ලැදි වීම සැබැවින්ම සතුට උපදවන්නකි. එය එසේ වූ කල කවියෙහි අර්ථ ආලෝක ධාරා තවත් බරපතල ආකාරයකින් මේ ජන සමාජයට බලපානු ඇත. ඇයගේ කවි අපූරුය, එදිනෙදා සමාජයේ අප දකින ඇසෙන දෑ ඇය තමාටම අයත් බස් වහරකින් අව්‍යාජව කියා පායි. ඒ කවි තුළ ආත්මගත ස්ත්‍රීය, ලොව සෑම ස්ත්‍රීයක් මතු නොව සමස්ථ සමාජය වෙතම සිය බැල්ම හෙලයි. නිලුෂා මනෝරත්න කිවිදියගේ කවි මේ ජන සමාජය හරහා සිසිල් සුළගක් සේ හමා යනු දැකීම අපගේ සහෝදරත්වයේ ප්‍රාර්ථනාවයි.
- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
අහසින් වැටෙන සෑම වැහි බිඳුවකත්, කුඩා අව් රැල්ලකත්, මුදු මඳනලකත්, පැගෙන තණ පියල්ලකත් කවියක් සැගවී ඇතැයි මම විශ්වාස කරමි. එහෙත් ඒ කවි පොට්ටු හඳුනා ගැනීම සියල්ලන්ටම කළ නොහැකිය. කිසියම් කෙනෙකුට 'උප්පත්ති කවිතාවක් අවැසි වන්නේ එතැනදී ය. උප්පත්ති කවිතාවක් ඇති කෙනෙකුට සොබාදහමේ සියලු නිර්මාණ මතු නොව, ඉන් ඔබ්බෙහි වන මානව පැවැත්මේ විෂම චක්‍රය ද, සමාජ නිරීක්ෂණය ද පිළිබඳව වන ඉසියුම් හැඟීම් ලෝකය වෙත මුදාහැරීම වෙනුවෙන් මහත් වෙහෙසක් දැරිය යුතු
නොවේ.
'කවි සිතම දම් පාටයි' සිය කුළුඳුල් කෘතිය හරහා ශ්‍රී ලාංකේය කිවිඳි පරපුරට අලුතින්ම එක්වන නිලුෂා මනෝරත්න කිවිදිය ද මා පෙර සඳහන් කළ ඒ උප්පත්ති කවිතාව රැගෙන පැමිණි නිර්මාණකාරිනියක බව මේ සමස්ත නිර්මාණ සමුච්ඡය හොඳින් කියවන විට හඳුනාගත හැකිය. ඈ තුළ සියල්ල ගැඹුරින් විඳින්නියක මෙන්ම, පෙරළා ප්‍රශ්න කරන්නියක ද හුස්ම ගනිමින් හිදී. මතුපිට වින්දනයට ඔබ්බෙන් වන ඒ අභ්‍යන්තර ප්‍රශ්න කිරීම ම ඇගේ කවිතාවේ වන සුවිශේෂී අනන්‍යතාවයක් බව මම විශ්වාස කරමි, ඇයට කවිය තුළ දිගු දුරක් යැමට අවැසි ශක්තිය හා ධෛර්යය ලැබේවායි හෘදයාංගමව ප්‍රාර්ථනා කරමි.
- අනුරාධා නිල්මිණි
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.