කින්නර නදී
About this book
තමන් පය තබා සිටින භූමිය කුමක්දැයි, තම සිරුරෙහි දුවන ලෙයෙහි උරුමය කුමක්දැයි නොදන්නා මිනිසෙකු අදීන නිවහල් දේශයක් උදෙසා සිහින දකින්නේ කෙසේද?
සීහ හෙළ නම් වූ අප මුතුන් මිත්තන්ගේ නිවහල් ජීවන ක්රමයත්, අද්විතීය වාරි ඥානයත්, ආධ්යාත්මික ශක්තියත් රහසේ සඟවාගෙන කින්නර නදිය හෙවත් පෞරාණික යෝධ ඇළ අදටත් නිසංසලේ ගලායයි.
අතීත හෙළ වරුණත්, බුදු දහමින් පෝෂණය වූ හෙළයන්ගේ චින්තන රටාවත් සිත්සතන් තුළ සිතුවම් කරනු වස් කින්නර නදිය මෙසේ දිග හැරෙන වගයි.
Details
ISBN
9786240008181
පිටු ගණන (Pages)
240
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
-
★★★★★ සිතට දැනුන කතාවක්ඉතිහාස කතා බොහොමයක් සත්ය සිදුවීම් හෝ ජනප්රවාද මුලික කරගෙන ගොඩනගා ඇතත්, මෙම කතුවරිය වෙනස් ආකාරයේ ගලා යෑමක් සහිතව මෙම පොත රචනා කර තිබීම සතුටට කරුණකි. මූලික ඉතිහාස කතාව සෙමින් ගලායාමට ඉඩදී ආදරය, සෙනෙහස , ආගම දහම ගැන සෙමින් තම අදහස් පාඨකයාගේ මනස තුලට කාවද්දනු ලබයි.
ඇය මතුකරන වැදගත් කරුණක් වන්නේ බොහෝ ඉතිහාස රචකයන් සිතාමතා හෝ නොසැලකිලිමත් ලෙස සඟවනු ලැබූවත් වර්ථමානයේ මෙන්ම අතීතයේදීත් සෑම ක්ෂෙත්රයන් තුලම කාන්තා දායකත්වයක් තිබෙන්නට ඇති බවයි.
සාම්ප්රදායික ආදර කතා වලින් බැහැරට ගොස් ආදරය සෙනෙහස ගොඩනැගෙන සහ පවතින ආකාරය ගැන අපූර්ව ලෙස ඉදිරිපත් කරන ඇය කතාවේ අවසානය දක්වාම එය නිසි ලෙස කළමනාකරණය කරමින් රැගෙන යයි.
ඇයගේ ලේඛන දිවියට සුභ පතමි -
★★★★★ කින්නර නදිය සැනසිල්ලේ ගලා බසී!කාලෙකට පස්සෙ ආසාවෙන් කියවපු පොතක්... උසස් රසවින්දනයකට පාර කියන අර්ථාන්විත කතාවක්...
ඒ අපේ කතාවද කියලත් හිතුණා... ලෝකෙ යථා ධර්මතාවය අඳුරගන්න, නිවෙන තෙක් හයියක් වෙන ලෝකෝත්තර ආදරයක් ලබන්න ඇත්තටම සසර පින් තියෙන්නම ඕනෙ...
ලොකු background study එකකට පස්සෙ, හරීම පරිස්සමෙන් වචන ගලපමින්, වාරි තාක්ෂණය, බෞද්ධ දර්ශනය, ආදරය, හෙළ ගම්භීරත්වය මැනවින් කියා පාමින් කින්නර නදිය සැනසිල්ලේ ගලා බැසි වගයි…
හදවතින්ම සුභපැතුම්!
Write a review
Write a review