Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විස්කම් යතුරු සහ අකුණු කන්ද

විස්කම් යතුරු සහ අකුණු කන්ද

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
මහාචාර්ය විද්‍යාහර්ථ නිවැරදිය. න්‍යෂ්ටික බලාගාරය ක්‍රියාවිරහිත කර ගැනීමේ ඉක්මන් ක්‍රමවේදයක් නොමැත. තවදුරටත් ඒ පිළිබඳව සිතීමට කාල වේලාව ද ඉතිරිව නැත. තවත් පමා නොවූ සුයාම බලාගාරයේ ආරක්ෂිත දොර වසා දැමීමට අණ දුන්නේය. වසා දැමූ ආරක්ෂිත දොරටුවෙහි රත්රන් යතුර සියතට ගත් සුයාම එය රැකගනු පිණිස රතු ලොවට පලා ගියේ එහි ආරක්ෂාව මත සුවහසක් ජීවිතවල පැවැත්ම රැඳී ඇති බැව් හොඳින්ම දැන සිටි හෙයිනි. එදා සිට සියවස් ගණනාවක් තිස්සේ රතු මලින් ගැවසී ගත් රක්ත වර්ණ කඳු හෙල් අතර රත්රන් යතුර නිහඬව නිසලව බලා සිටිනුයේ එය වටා පැටලුණු ගැටලුවක්ද නව පරපුරට ඉතිරි කරමිනි. මේ වන විට තම පළමු අභියෝගය වූ සමුද්‍ර දේශයේ සැඟවුණු යතුර සෙවීම සාර්ථකව ජයගෙන ඇති අපේ විරු දරුවන්ගේ ඒකායන අරමුණ වන්නේ හැකි ඉක්මනින් රත්රන් යතුර තමන් සතු කර ගැනීමය. රතු ලොව බලා යන ඔවුන් ඉදිරියේ ඇත්තේ අපේක්ෂිත සහ අනපේක්ෂිත ගැටලු රැසකි. එම සියලුම ගැටලු සහ බාධක ඉදිරියේ වුවද ඔවුන්ගේ සිත් තුළ ඇත්තේ තම අරමුණ කරා යාමේ අප්‍රමාණ ධෛර්යය සහ බලාපොරොත්තුවය.
ISBN
9786240008167
පිටු ගණන (Pages)
504
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 3
  1. ★★★★★ thanks
    I like to this book.
    sandeepa ·
  2. ★★★★★ සොඳුරු විද්‍යා ප්‍රබන්ධයකි.
    විස්කම් යතුරු සහ අග්‍රා රැජන, මං හරිම ආසාවෙන් කියවපු පොතක්, එහි දෙවන කොටසත් පළමු කොටස මෙන්ම තාරුණ්‍යයේ ජවය, ආදරය, පරිසර හිතකාමී බව, මිත්‍රත්වය පිළිබ‍ඳ කියවුණු කෘතියක් බව මට විශ්වාසයි, අනිවාර්‍යයෙන්ම විස්කම් යතුරු හා අකුණු කන්ද පොතත් මම කියවනවා, පාසල් දරුවාගේ සිට ඕනැම වයසක අයෙකුට රසවිඳිය හැකි ලෙස ලියවුණු මෙම පොත් පාසල් පුස්තකාල සඳහා නිර්දේශයට ඉදිරිපත් කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා,නිලුෂි බදුගේ සොයුරියට තවත් මෙවැනි සුන්දර කෘතීන් නිර්මාණය කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්‍ය නොමඳව ලැබෙන්න කියලා සුබ පතනවා!!!
    සමිලා වරුසාගම ·
  3. ★★★★★ A great book
    A very good book I will be recommended for young people to enjoy.

    This book is different from traditional English science fiction stories.

    I invite you to read this book which is a simple story but can be read continuously
    Chandana ·
Write a review
Write a review

You're reviewing: විස්කම් යතුරු සහ අකුණු කන්ද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.