Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විස්කම් යතුරු සහ අග්‍රා රැජින

විස්කම් යතුරු සහ අග්‍රා රැජින

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
වසර දෙදහස් ගණනකට පෙර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් දස දෙනෙකුගේ බිහි වීමත් සමගම සමුද්‍ර දේශය දියුණුවේ හිණිපෙත්ත කරා ගමන් කරමින් සිටියේය. ඔවුන් විසින් නිමැවුණු විස්කම් නගරය නම් වූ මහා විද්‍යායතනය එහි හදවත විය. විද්‍යාව හා තාක්ෂණය එහි උච්චස්ථානයේ වූයේය. නව නිර්මාණ, දැනුම, දියුණුව අතිධාවනකාරී විය. එහෙත් කිසිවෙක් කිසිවිටෙක නොසිතූ ලෙස එක් රාත්‍රියක, සියලු දේශයන්හි සුවහසක් අහිංසක මිනිසුන්ගේ ජීවිත සහ නිදහස වෙනුවෙන් විස්කම් නගරයේ ද්වාර සතර වසා දැමිණ. සිව් මහා වාරයන්හි යතුරු රැකගනුවස් මහා ගැටුමකට මැදි වූ විඥවරු අවසානයේදී එම යතුරු රැගෙන පලා ගියහ. කිසිදින අමතක නොකළ යුතුව තිබූ විස්කම් යතුරු ඒවා රැකගත්තවුන් සමගම ලෝකයෙන් මැකී අතීතයට එක්ව සැඟව ගියේය. අතීතයේ බියකරු සෙවණැලි වත්මනට පායා එද්දී වැසී ගිය විස්කම් නගරයට යළි ජීවය දීම හැර වෙනත් විකල්පයක් නොමැති විය. සැඟවී ගිය විස්කම් යතුරු සොයනු පිණිස සමුද්‍ර දේශයට ඇවැසි වූයේ ප්‍රඥාව, ධෛර්යය, ශක්තිය සහ දක්ෂතාවයන්හි සංකලනයකි. විවිධ දේශයන්හි උපන් අපේ කාලයේ විශිෂ්ටයන්ගේ මිත්‍රත්වයේ දෑත් ඔවුන් වෙත දිගුවිය. ඔවුන් තම මග අවුරාලන අනපේක්ෂිත ගැටලු ජය ගනිමින් මැකී යන අතීතයේ පියසටහන් පසුපස හඹා යන්නේ කෙසේද? ලොව අබිමුව ඇති බියකරු ව්‍යසනය නවතාලීම ඔවුන්ට කළ හැකිවේද?
ISBN
9789553094902
පිටු ගණන (Pages)
495
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ★★★★★ A great book
    This book is the one of the good science friction book I have read. A book with a simple story and a desire to continue reading.

    I will be recommend this book for school children since this story is based on a group of young teenagers and their activities.
    Chandana ·
Write a review

You're reviewing: විස්කම් යතුරු සහ අග්‍රා රැජින

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.