Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / කිරි සුවඳැති රාත්‍රිය

කිරි සුවඳැති රාත්‍රිය

About this book

ඉපැරණි වියත් බසින් මෙන් ම පොදු වහරින් ද ජීව ගුණය උකහා ද ගනිමින් දිගු කලක් සුහුඹුල් ව වැඩුණු සිංහල නව කවියෙහි ධ්වනි පූර්ණ ව්‍යංගාත්මක බස එක යායට කිරි වැදී පැසෙන අයුරු නන්දන වීරසිංහ වැනි තරුණ කවියන් ගේ පද්‍ය නිර්මාණවලින් දිස් වේ. ඉන් නිසැකව ම පළ වන සරු අස්වැන්නක පෙර නිමිති ළය සනහයි.

ගිං ගගේ විලාපය' නමැති සිය කුලුඳුල් පද්‍ය සංග්‍රහයෙන් විචාරක හා සහෘද ප්‍රසාදය එක සේ දිනාගත් වීරසිංහ එදා මෙදා තුර නිර්මාණයේ මාවතෙහි බොහෝ දුර කතර ගෙවා ඇති බව කිරි සුවඳැති රාත්‍රිය නම් වූ මෙම දෙවැනි පද්‍ය කෘතිය තිර ලෙස විදහා පායි.

මෙම කාව්‍ය සමුච්චය තුළ ගොනු වී ඇති සෑම පද්‍ය නිර්මාණයකින් ම පාහේ වහනය වන්නේ හදවත මෙන් ම බුද්ධිය ද පහන් කරවන නැවුම් සුවඳකි. එම සුවඳ සහෘද සිත් සතන් සෞන්දර්යයේ මායා යහනාවේ සතපවන නිර්වින්දන සුවඳක් නොව ප්‍රබෝධයේ හා ප්‍රභාතයේ සුවඳකි.

මේ දෙස - ජන දිවිය පෙර නොවූ විරු තරමින් මෑතක දී ආලෝලනය කළ බිහිසුණු කුරිරු රළ සුළිවල දෝංකාරය මෙම නිර්මාණ තුළ රැව්දෙනු සංවේදී හදවතකට ඒකාන්තව දැනී යයි. එය ඇසෙන්නේ අනාගතයේ නිවැරදි පෙළගැස්මකට කැඳවන කාහල හඬක් ලෙස විනා පරාජයේ හා නිරපේක්ෂාවේ මළ බෙර හඬක් ලෙස නොවේ. ආවේගාත්මක උද්ඝෝෂණයක් එම හඬෙහි නැත. එහි ඇත්තේ අත්දැකීමෙන් පෝෂණය වූ තැන්පත් නුවණින් හා උදාර අරමුණක් කරා යොමු වූ සාමූහිකත්වයෙන් බිහි වන නිහඬ ශක්තිය යි.

නන්දන වීරසිංහ අන්ධකාරය පමණක් ම දකින, එම අන්ධකාරයට දෙස් දෙවොල් තබමින් අවලාද නැගීම තම මෙහෙවර යයි සිතන අන්ධකාරයේ කවියෙක් නොවේ. ඔහු අන්ධකාරය තුළ මෝරා වැඩෙන ප්‍රභාතය දකිමින් ඊට මග එළි පෙහෙළි කරන කවියෙකි.

දයාසේන ගුණසිංහ

ISBN
9786245546893
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කිරි සුවඳැති රාත්‍රිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.