Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

කිත්ති

ප්‍රකාශක (Publisher): යසස් ප්‍රකාශන - Yasas Publishers
ප්‍රවර්ග (Genre): ඓතිහාසික නවකතා
About this book

"කිත්ති” සිරිත, වෙදැදුරු සාහිත මගට පහන් තරුවක්ම වේවා...

ලාංකීය රාජාවලියෙහි දුටුගැමුණු මහ රජුට දෙවැනි වන එකම රජු වන්නේ පළමුවන විජයබාහු රජතුමාය. සොළී ආධිපත්‍යයට එරෙහිව සටන් කිරීම සඳහා සිය තුරුණු විය මහ වනයේ ගත කරමින් සේනා සංවිධානය කරමින් සිරිලක එකසේසත් කිරීම සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ඉමහත් පරිශ්‍රමයක් දැරූ "කීර්ති" කුමාරයා එම සටනින් ජයග්‍රහණය කෙළේය. සැබැවින්ම "කීර්ති" කුමාරයා හෙවත් පළමුවන විජයබාහු රජුගේ ජීවන පුවත කියවීම ආශ්වාදනීය අත්දැකීමක් යනු නොඅනුමානය.

මාතෘභූමියට ආදරය කිරීම සඳහා පොළඹවන්නාවු කරුණු කාරණා විජයබාහු රජතුමාගේ චරිතයෙනි ගැබ් වී ඇති අර එය පරිශීලනය කිරීම සඳහා දුවා දුරුවන්ට ඉඩහසර ලබාදීම යුගයේ අවශ්‍යතාවකි. සැබෑ දේශප්‍රේමියෙකු වන්නේ කවරාකාරයෙන්දැයි යන්න මනාව පිළිබිඹු කරන්නාවු පළමුවන විජයබාහු රජතුමා නැතහොත් කීර්ති කුමාරයාගේ ජීවන චරිතය නවකතාවක් ලෙස සාහිත්‍යයට නැගීම වෛද්‍ය කමල් නෙළුන්දෙනිය වෙතින් ඉටුවී තිබීම ප්‍රශංසනීයයි.

සැබැවින්ම වෛද්‍ය කමල් නෙළුන්දෙනිය විසින් "කිත්ති” යන නාමයෙන් හඳුන්වාදී ඇති මෙම ඓතිහාසික නවකතාවට පාදක වන්නේ පළමුවන විජයබාහු රජු සිංහාසනාරූඪ වූවායින් පසුව විස්තර කෙරෙන ජීවන චරිතය නොව සොළී ආධිපත්‍යයට, ආක්‍රමණයට එරෙහිව දශක ගණනාවක්ම වනගතව සේනා බලමුළු එක්රැස් කිරීමේ සිට අවසන් සටන දක්වා වූ ජිවන චරිතයේ ආශ්වාදනීය අත්දැකීම් සමුදායයි. එයම මව්බිම කෙරෙහි දේශප්‍රේමි හැඟීම් ජනිත කරවන්නා වූ ප්‍රස්තුතයක් බැව් වෛද්‍ය කමල් නෙළුන්දෙනිය ගේ "කිත්ති” ඓතිහාසික නවකථාව කියවීමේදී මනාව වැටහෙයි.

සරල සුගම බස්වහරක් ඒ සරල සුගම බස්වහරට ගැලපෙන සිද්ධිදාමයත් ඒ සිද්ධිදාමයේ විශ්වාසනීය ප්‍රබල බවත් හේතු කොටගෙන "කිත්ති" නම් වූ ඓතිහාසික නවකථාව එකදිගටම කියවා නිමකිරීමට තරම් ආකර්ෂණිය වන බැව් කිව යුතුය.

ඓතිහාසික චරිත පාදක කරගෙන ලියැවෙන නවකතා විරල වූ කාලයක මෙවන් කෘතියන් දොරට වැඩීම සඳහා සිය වෛද්‍ය වෘත්තිය තුළ නිරතව සිටියදීම කාලය කැපකළ වෛද්‍ය කමල් නෙළුන්දෙනිය වෙත අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමි වෙයි.

මෙම කෘතිය ඒ මහතාගේ ඉදිරි සාහිත්‍යමය පුෂ්ප විකසිත කිරීම් වස් ජනිත විය යුතු පහන් තරුවක්ම වේවා.

- මාධ්‍යවේදී මහිම සුජීව ගමගේ

ISBN
9786249340206
පිටු ගණන (Pages)
323
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කිත්ති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.