Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / කොළපාට සමාජයේ අවසානය?
About this book

මේ පොත මගින් තර්ක කරන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය දක්ෂිණාංශික පක්ෂ නොවන බවත්, එසේම ඒවා වර්තමානයේදී අත්විඳිමින් සිටින අසාර්ථකත්වයේ හේතුව එය බවත්ය.

ඒවා දක්ෂිණාංශික පක්ෂ නොවන බවට කරන මේ ප්‍රකාශය බොහෝ දෙනෙකුට පුදුමයක් වීමට ඉඩ ඇත්තේ ලංකාවේ පොදුජනයා පමණක් නොව ශාස්ත්‍රඥයන් පවා මේ පක්ෂ හඳුනාගෙන ඇත්තේම ලංකාවේ ප්‍රධානතම දක්ෂිණාංශික පක්ෂ ලෙසින් වීම නිසාය. නමුත් ලෝකයේ ප්‍රායෝගික තත්ත්වයන් හා න්‍යායාත්මක පිළිගැනීම් ප්‍රවේශමෙන් විමසා බැලුවහොත් පැහැදිලිව පෙනී යන්නේ එජාප සහ සජබ යන පක්ෂ දෙක දක්ෂිණාංශික පක්ෂ නොවනවා පමණක් නොව සමහර ලක්ෂණ අතින් ඇත්තෙන්ම නම් වාමාංශික පක්ෂ සේ සැලකිය හැකි බවයි.

නමුත් එහි ඇති ප්‍රශ්නය කුමක්ද? එජාප හෝ සජබ දක්ෂිණාංශික නොවෙනවාම යැයි කියමු. නමුත් එය එම පක්ෂවල අසාර්ථකත්වයට හා පරිහානියට හේතු වී ඇත්තේ කෙසේද? මේ පොත ලියා ඇත්තේ එම ඉතා වැදගත් ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම සඳහාය.

ISBN
9786242033808
පිටු ගණන (Pages)
318
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කොළපාට සමාජයේ අවසානය?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.