Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / 1981 යාපනය ගිනිලෑම

1981 යාපනය ගිනිලෑම

About this book

දේශපාලන පොලීසියේ වැඩ ඇල්ලීම යළිත් උත්සන්න වෙමින් පවතී. එය ජන ජීවිතයේ පැවත්මට තර්ජනයකි. අමන පාලක පැලන්තියකින් නිදහස් විමට රටවැසියනට ඇති අයිතිය පාගා දැම්මකි. නීතියේ ආරක්ෂකයා විය යුතු පොලීසිය දේශපාලකයාගේ ආරක්ෂකයා වීම ආරම්භවන්නේ කොතැනකින්ද? එහි ස්භාවය කෙසේවිද? මේ ගවේෂණාත්මක වාර්තාවෙන් සොයා බැලෙන්නේ එයයි. මෙය දශක තුනකට ආසන්න කාලයක වෙහෙසකි. 1981 යාපනය ගිනි ගැන සිංහලෙන් ලියැවෙන මුල්ම ගවේෂණාත්මක කෘතිය ද වන්නේය. පාලකයන් බංකොළොත් කළ අඳුරු රටක වෙසෙන ජනයාට ඉසුරුමත් හෙට දවසක් උදා කර ගැනීමට යන ගමනට මේ කෘතිය බලවත් ආලෝකයක් සපයනු ඇත.

නන්දන වීරරත්න, පුරෝගාමි ගවේෂණාත්මක වාර්තාකරුවෙකි. යුද පුවත් වාර්තාකරුවෙකි. වාර්තා චිත්‍රපටකරුවෙකි. ඔහු සතිඅග අරුණ, මව්බිම, රාවය, නියමුවා, සීනුව හා කම්කරු මාවත ඇතුළු පුවත්පත් ගණනාවකට ගවේෂණාත්මක වාර්තා හා විශේෂාංග රචනා කළේය. ලෝක පුවත් සේවයක් වන බිබිසී හි සංදේශය ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදකයෙකු ද විය.

ISBN
9789559549314
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: 1981 යාපනය ගිනිලෑම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.