Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඉතිහාසය හා පුරාවිද්‍යාව / කොළොම්පුර රාජධානිය

කොළොම්පුර රාජධානිය

About this book

කොළඹ නගරයේ ඉතිහාසය අතිශය රසවත්ය. මිහිරි සිහිනයක් තරමටම සුන්දරය. සිත් කම්පා කරවන බිහිසුණු සිදුවීම්වලින් ද අනූනය.

දැඩි අවිවේකී බවින් හා ඝෝෂාවෙන් පිරුණු වර්තමාන නගරයේ කලබලකාරී වීදි ඔස්සේ සැරිසරන කිසිවෙකුට මෙම නගරය සිසිල් සෙවණින් සහ සීතල දිය දහරාවන්ගෙන් සුසැදි අතිශය මනස්කාන්ත පුරවරයක්ව තිබූ බවට සලකුණක් පවා සොයාගත නොහැකි වනු ඇත්තේය. එමෙන්ම මිනිසුන් සිය දහස් ගණනක් දරුණු වද හිංසා අතරින් මරණය කරා කැඳවාගෙන ගිය අඳුරු අතීතයක් ද එහි සැඟව ඇති බව වර්තමාන පරපුර නොදැන සිටීම ද අරුමයක් නොවේ.
දශක තුනක පමණ පර්යේෂණාත්මක විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසින් බිහි 'කොළොම්පුර රාජධානිය’ කෘතියෙන් ඔබ කැඳවාගෙන යන්නේ ඒ අපූරු යටගියාව වෙතය. මෙතෙක් සිංහල බසට පරිවර්තනය නොවූ අතිශය පැරණි මූලාශ්‍රයන් වෙතින් හෙළිදරවු වන කොළඹ නගරය හා බැඳුණු රසවත් සිදුවීම් මෙන්ම කොළඹ නගරයේ ඉතිහාසය ගැන මෙතෙක් නොදැන සිටි බොහෝ තොරතුරු මෙම ග්‍රන්ථයෙන් අනාවරණය කෙරෙන්නේය.
මෙම කෘතියෙහි අරමුණ වන්නේ කොළඹ නගරයේ ඉතිහාසය, එහි භෞතික පරිසරයෙහි වෙනස් වීම් සහ සමාජ සංසිද්ධීන්ගේ ගලා යෑම ගෙනහැර දැක්වීම පමණක්ම නොවේ. කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් රටේ දේශපාලන දිශානතිය හැඩගැසුණු ආකාරයත්, මෙරට සමස්ත ජනතාවගේ සිතුම් පැතුම්, ආකල්ප හා ජීවන රටාවන් ඒ ඔස්සේ පරිවර්තනයකට ලක් වූ ආකාරයත් ගැන පූර්විකාවක් ද කරනු පිණිසය.

ඇණවුම් කල පසු පොත් ගෙන්වා දෙනු ලැබේ..

Details
ISBN
9786245636662
පිටු ගණන (Pages)
1121
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: කොළොම්පුර රාජධානිය

Reviews are published once a member of our team has read them.