Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කුණ්ඩලනිය තුලින් පූර්ණත්වයට

කුණ්ඩලනිය තුලින් පූර්ණත්වයට

About this book

ඒක සෛලික ජීවියාගෙන් ඇරඹුණු ජීවි පරිණාමයේ වඩාත්ම සංවිධානය වූ ජීවියා මිනිසා බව අපි දනිමු. නිශ්චිතව ගණනය කළ නොහැකි කෝටි ප්‍රකෝටි වසර ගණනාවක් පවතින මේ මිහිතලය මතට මිනිස් ජීවියා එති. මද කලක් වසති. ඉවත්ව යති. ඒ අතර ඔවුන් ජීවත්වන්නේ ජීවිතය හඳුනා නොගෙනය. ලෞකික ජීවිතය ගත කිරීම සඳහා සම්මත කරගත් සිරිත් විරිත්, මතිමතාන්තර වලින් මුළා වී මෝහයෙන් ලෝකයාට ඇලී ගැටෙමින් පීඩාකාරී ජීවිතයක් ගත කරති. ඔවුන් අපමණ වූ දුක් ගැහැට විඳිති. මේ අතර ජීවිතය තත්වාකාරයෙන්ම අවබෝධ කරගන්නා ඉතාමත්ම ස්වල්ප දෙනෙක්ද මිහිතලය මතට පැමිණෙති. ඔවුන් අවබෝධ කරගන්නා දේ මිහිතලය මත විසුරුවා හරිති. මද කලක් මිනිසුන් ජීවිතාවබෝධය ලබා සැනසිල්ලේ ජීවත් වෙති. කාලයත් සමග මිනිසුන් නැවතත් මුළාවටම වැටී පීඩාකාරී ජීවිතයක් ගත කරති.

අප දිවයිනේ ද මුළාවී සිටින මිනිසුන්ට මග පෙන්වන්නෙකු පහළ වී සිටීම මුළාවට පත්වූවන්ගේ වාසනාවක් සේ සැලකිය හැකිය. හෙතෙම ජීවිතාවබෝධය තම අත්දැකීමෙන්ම පසක් කරගත් අයෙකි. ඔහුගේ කැමැත්ත තම සහෝදර වර්ගයා සමග තම අත්දැකීම් බෙදාහදා ගැනීමය. හෙතෙම හඳුන්වන නාමය සරත්වන්ද්‍රයන් ය.

ISBN
9789556722222
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කුණ්ඩලනිය තුලින් පූර්ණත්වයට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.