Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගරා වැටුණු බිත්ති

ගරා වැටුණු බිත්ති

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

නූතන සිංහල සාහිත්‍යය විශේෂයෙන්ම කවිය හා නවකතාව නානා අත්හදා බැලීම් වලට භාජනය වන්නකි. මේ අත්හදා බැලීම් වලින් හැඟී යන්නේ සාහිත්‍යයේ සංවර්ධනයට තුඩු දෙන බුද්ධිමය අවශ්‍යතාවක් රචක පාඨක දෙපක්ෂය තුළම ඇති බවයි. සෝමරත්න බාලසූරියගේ ගරා වැටුණු බිත්ති මේ අවශ්‍යතාවයේම ප්‍රතිඵලයකි. මේ නවකතාව ප්‍රමාණයෙන් කුඩා වුවත්, ප්‍රතිඵල විසින් පැසසිය යුත්තකි. ඒ නවකතාව සර්වතෝභද්‍ර යැයි යනු එසේ කීමෙන් අදහස් නොවේ. එහෙත් එය නූතන සිංහල සාහිත්‍ය කෘතීන් අතර ඇති නිර්මාණ ශක්තිය විදහාපාන කෘතියකි. සිංහල සාහිත්‍යයේ සංවර්ධනයට අත්හදා බැලීම් අවශ්‍ය නම් සෝමරත්න බාලසූරියගේ ගරා වැටුණු බිත්ති වැනි නවකතා අවශ්‍යයි.

ආචාර්ය සිරි ගුනසිංහ

"..... සෝමරත්න බාලසූරිය 'ගරා වැටුණු බිත්ති' ලියා තිබෙන්නේ තමාටම හිමි කටබස් රීතියකිනි. ඒ ස්වාධීන කටබස් රීතිය නිසා ඔහුගේ නවකතාව හෑලි රීතියෙන් ලියන ලද අනෙක් නවකතාවලට වඩා සාර්ථක එකක් වී ඇතැයි යනු මගේ හැඟීමයි. එහි අවසාන පරිච්ඡේද තුන හතර නිසා එහි සන්දර්භය අනික් හෑලි නවකතා නොලබන වැදගත්කමක් ලබතියි මම සිතමි. "

මාර්ටින් වික්‍රමසිංහ

මම ඔබේ නවකතාව කියෙව්වා. ඒක කම්මැළි නැතිව කියවන්න පුළුවන්... ඒ සම්ප්‍රදාය ඔබ හසුරුවා තිබෙන අයුරු කදිමයි... ඔබට නවකතා ලිවීමේ හැකියාවක් තිබෙන බවත් ජීවිතය ගැන අවබෝධයක් තිබෙන බවත් පෙනෙනවා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

සෝමරත්න බාලසූරියගේ 'ගරා වැටුණු බිත්ති' නවකතාවට පදනම් වී ඇත්තේ වර්තමාන සංකීර්ණ ජීවිතය හා අත්‍යන්තයෙන් බැඳී පවත්නා කතා ප්‍රවෘත්තියකි. ඔහු එම කතාව ඉදිරිපත් කරන ආකාරය අනුව එම අත්දැකීමට සහභාගී වන පාඨකයාට ජීවිතාවබෝධයක් මෙන්ම සැලකිය යුතු රසයක් වින්ද හැකිය. අනාගතයේ දී විකසිත විය හැකි උසස් සාහිත්‍ය කෘති නිර්මාණයට අවශ්‍ය වූ ප්‍රතිභානයේ බීජ මෙම නවකතාවේ ගැබ් වී ඇත.

විමල් දිසානායක

"මෙම නවකතාවේ විශේෂ ලක්ෂණයක් නම් කතුවරයා යොදාගෙන ඇති විඥානධාරා සන්දර්භයයි. සාර්ථකව චරිත නිරූපණය කිරීමට හා කතාවේ ප්‍රකර්ෂණීයත්වයට කතුවරයා යොදාගෙන ඇති විඥානධාරා සන්දර්භය මහත්සේ හේතු වී ඇති බව කිව යුතුය. මෙය කර්තෘ තුළ පවත්නා සියුම් වින්දන ශක්තියටත් නිරීක්ෂණ ශක්තියටත් ප්‍රබල සාධකයකි.”

ලංකාදීප

ISBN
9786240024013
පිටු ගණන (Pages)
79
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගරා වැටුණු බිත්ති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.