කුරුලු පියාපත්
ආදරණීය තෙරු එස්.
තෙරු එස් වලට මං මහ ගොඩක් ආදරෙයි....
ඒත් මං තරමට ම ඒ එස්වලට ආදරේ කෙරන්නේ නෙතිවෙයි ඔයාලා....
මොකද එයා ආදරයට ඉන්සෙන්සිටිව් කෙනෙක්.
-ප්‍රශස්ති -
මං ආදරයට අසංවේදී උනේ නෑ... ආදරය කියලා දෙයක් නැති නිසා මං ඒක
පිළිගත්තේ නෑ....
හැබැයි ඔය කටකාර කමට මං කැමති උනා...ඒක ආකර්ෂණයක්...
ආදරය කියන නම ඒකට දුන්නේ ඔයා...
ඒක ආදරේ කියලා තේරුම් අරන් නැට්ට
පාගාගත්තට මට කරන්න දෙයක් නෑ...
ඇයි තේරුම් නොගන්නේ ආශාවක්, ආකර්ෂණයක්
මිසක් ආදරයක් කියලා දෙයක් නෑ කියලා... පිස්සු...
- කේශර -
කෑ/දෙහි/ ඉහළ තල්දුව කනිෂ්ට විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ කුරුලු පියාපත් කතුවරිය 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ඇතුළුව උසස් පෙළ තෙක් අධ්‍යාපනය හදාරා වැඩි දුර අධ්‍යාපනය සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තෝරා ගත්තීය. චීන කටු චිකිත්සාවෙන් හා පංචකර්ම චිකිත්සාවෙන් ඉහළ ශ්‍රේණියේ සාමාර්ථ ලබා ගත් ඇය මේ වනවිට සර්වාංග ආයුර්වේද සම්බන්ධ චිකිත්සාවන් මෙන්ම සම්බන්ධිකරණ විධායක නිළධාරි හා උපදේශක තනතුර ද හොබවන්නීය. විටෙක ඇය නිවේදිකාවකි. විටෙක ඇය ගුරුවරියකි. විටෙක ඇය නාට්‍ය හා නර්තන ශිල්පිනියකි.
2014 වර්ෂයේ ළමා කතන්දර නිර්මාණය සඳහා කොට්ඨාස හා දිස්ත්‍රික් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබාගන්නා ඇය "අපේ කුඹුර" ළමා කතන්දර නිර්මාණයෙන් ලේඛන දිවියට අත් පොත් තබා 2014 වර්ෂයෙදී “තරු සඟරාව" එළිදක්වන ලදී. සමාජ ජාල වෙබ් අඩවි ප්‍රයෝජනවත් ලෙස යොදා ගනිමින් ෆේස්බුක් සමාජ ජාලයෙහි සෙනෙහස් පාරාදිසය හරහා නවකතා නිර්මාණය අරඹා ඇයගේ ප්‍රථම නවකතාව වශයෙන් කුරුලු පියාපත් මෙසේ දොරට වැඩුම කරනු ලබයි
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.