කුසුමා - වාමාංශික දේශපාලන ජීවිතයක්
ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලැබූයේ තංගල්ලේ ශ්‍රී රාහුල විද්‍යාලයයෙනි. මියුසියස් විද්‍යාලයයේ දී ඇය තම විද්‍යාලයයේ ගුරුවරියන් කිහිප දෙනකු ද සහභාගි වූ සූරිය මල් ව්‍යාපාරයට සම්බන්ධ වූවා ය. 1939 ජූනි මස තිස් වන දින කුසුමා, කළුබෝවිල පිහිටි සිරිල් හා නීටා මුතුකුමාරු ගේ නිවසින් විවාහ වීම සඳහා පිටත් වූවා ය. විවාහ රෙජිස්ට්‍රාර්තුමා නව යුවළට මුලු හුවමාරු කරගන්නා ලෙස පැවැසූ විට දෙ දෙනා ගෙන් එක් කෙනකුට වත් මුඳුවක් නො වී ය. තම කබායේ මුදුවක් වැනි බොත්තමක් ගලවා බිරිය ගේ ඇඟිල්ලට දැමීමට පිලිප් යෝජනා කළේ ය.
එන්. එම් පෙරේරා සබන් කෑල්ලක සිර කඳවුරට ඇතුළු වන දොරෙහි යතුරේ සලකුණක් ගත්තේ ය. රැඳවියන් බැලීමට ගිය කුසුමා අතට මේ සබන් කෑල්ල පත් කෙරිණ.
පිලිප් සමඟ අනෙකුත් අය ඉන්දියාවට පලාගිය බව ද, ඇය ද පසු දින යන බව ද ඇය කීවා ය. තම කුලුඳුල් දරුවා ලැබෙන්නට බලාපොරොත්තුවෙන් සිටින බව ද කුසුමා ඩේසි සමඟ පැවසුවා ය. . ..
1985 මැයි දිනයේ ඇය මියයන විට, නිදහසට පෙර හා පසු ශ්‍රී ලංකාවේ පැවැතුණු වීරෝදාර ජාතික පරමාදර්ශී ගතිකයන් ගේ වාතාවරණය වෙනස් ව, ශ්‍රී ලංකා ජනරජය තුළ තම අභ්‍යන්තර ගැටලු විසඳාගැනීම ප්‍රචණ්ඩ හා දරුණු වූවක් බවට පත් ව තිබිණ. බොහෝ කාන්තාවෝ දේශපාලන භූමියට එළඹ සිටිය හ. පෙර යුගයකට අයත් වූ නායිකාවෝ, දැන හැඳිනගෙන සිටි අය ගේ මතකයෙහි පමණක් පෙර ගමන්කරුවන් සේ රැඳී සිටිති. දේශපාලනය බොහෝ සෙයින් ම පවුල් උරුමයක් ව පවතින ශ්‍රී ලංකාවේ, කුසුමා ගුණවර්ධනට හිමි ස්ථානය ඇය ගේ සැමියා ගේ දීප්තියෙන් යටපත් වී ගොස් ඇත. මේ කෙටි ජීවිත කතාව, ඇය පිලිප් ගුණවර්ධන ගේ දේශපාලනයට ලබාදුන් ධෛර්යයත් ශක්තියත් වාර්තා කිරීමටත්, ඇය ගේ ම ශක්තියෙන් ලංකාවේ වාමාංශික ව්‍යාපාර ඉතිහාසයෙහි ඇය උරුම කරගත් වැදගත් ස්ථානය ලියා තැබීමටත් ගත් උත්සාහයකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.