Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඓතිහාසික / ලංකා ඉතිහාසයේ හෙළ යුගය

ලංකා ඉතිහාසයේ හෙළ යුගය

About this book

60 දශකයේ දී අපත් සමඟ පේරාදෙණි විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වූ සූරිය ගුණසේකරයෝ එ දා සිට ම ලංකා ඉතිහාසය කෙරෙහි උනන්දුවක් දක්වූ විද්වතෙකි. දේශීය දෘෂ්ටියකින් ඉතිහාසය අර්ථකථනය කළ යුතු ය යන්න ඔහුගේත් මගේත් දැඩි විශ්වාසය විය.

මහාවංසයේ විජයාගමනය පිළිබඳ කතා පුවතින් හෙළි වන කාල පරිච්ඡේදයට පෙර ඉතිහාසය පිළිබඳ ව විවිධ අර්ථ විවරණ ඇත. ඒ කාලයේ ඉතිහාසය විවරණය කිරීමේ ප්‍රධාන ම මූලාශ්‍ර වන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය ය. භාරතීය සාහිත්‍ය කෘතීන් වන මහා භාරතය, රාමායණය, පුරාණ ග්‍රන්ථ වැනි පුරාවෘත්තයන් ද භාෂා විද්‍යාත්මක සාක්ෂ්‍ය ද ලංකා සෙල්ලිපි ද උපයෝගි කරගෙන ඉහත කී කාල පරිච්ඡේදයේ ඉතිහාසය

ගොඩ නැංවීමට වහෙසෙන විද්වතුන් අතර ආචාර්ය සූරිය ගුණසේකරයෝ ද ප්‍රමුඛයෙකි. ඔවුන් විසින් මේ කෘතියෙහි දක්වා ඇති විස්තර පිළිබඳ ව පොදු එකඟතාවක් තිබිය නොහැකි ය. එහෙත් ප්‍රස්තුති කාල පරිච්ඡේදය පිළිබඳ ව මතවාදයක් ගොඩ නැංවීමටත් පුළුල් සාකච්ඡාවක් ඇති කිරීමටත් මේ කෘතිය නිසැක ව දායක වනු ඇත.

ඉන්ද්‍රකීර්ති සිරිවීර - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

ආචාර්ය සූරිය ගුණසේකර පේරාදෙණිය සරසවියෙන් උපාධිය ලැබූ විද්‍යාර්ථියෙකි. මෙ රට පරිපාලන සේවයේ උසස් තනතුරු ගණනාවක් හෙබවූ ප්‍රවීණ පරිපාලන නිලධාරියෙකි. ජාතික මතවාද ස්ථාපිත කිරීමෙහි ලා මුල් වී කටයුතු කළ විද්වතෙකි.

අසූව දශකයේ දී මෙ තුමන් ගේ මැදිහත් වීමෙන් සති පතා පාඨකයන් අතට පත් වූ 'සරසවි නොගිය බුද්ධිමතා', ගුරුවරයකු නොවන ගුරුවරයෙක්’, ‘නූතන ජීවක හා 'නීතිය දෙස පියවි ඇසින්’ යන ලිපි මාලා මෙ රට සමාජ චිත්තය අනුකාරකත්වයෙන් මුදාගැනීමෙහි ලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේ ය. ඉන් අනතුරු ව රචනා කළ ලන්ඩන් ගිය බණ්ඩා’ හා 'හබරණෙන් එහා ලෝකය’ ලිපි පෙළවල් උගත් පාඨක ලෝකය අභියෝගයට ලක් කරන අදහස්වලින් පිරී තිබිණි. මෙ තුමා විජයාවතරණයට පෙර ඉතිහාසය පිළිබඳ ව මේ කෘතියෙන් ඇරැඹි සංවාදය ඓතිහාසික රාවණ කෘතියේ දී තව දුරටත් ඉදිරියට ගෙන යයි.

ISBN
9789550955244
පිටු ගණන (Pages)
143
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලංකා ඉතිහාසයේ හෙළ යුගය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.