ලී ක්වාන් යූ
ලී ක්වාන් යූ ගේ අන්තර් දෘෂ්ටිය හා ප්‍රධාන තර්ක පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි අපි ඒවා ඉදිරිපත් කළෙමු. සෑම පිටුවක ම ඇති සෑම වචනයක් ම කියවීමට අගනා වටිනාකමකින් යුත් අදහස් බැව් මේ පොත කියවන පාඨකයාට අවබෝධ කර ගත හැකි ය. මෙය කඩිනමින් කියවා අහවර කිරීමට අදහස් කරන පාඨකයකු වෙත නම් ඔහු මුලින් අපේක්ෂා කළාට වඩා වැඩි කාලයක් මේ පොත කියවීම සඳහා මිඩංගු කරන බව අපට සැකයක් නො මැත. ලී ක්වාන් යූ මෙහි ලා හෙළි කර තිබෙන මත හා ප්‍රකාශ පිළිබඳ ව නැවතී යළිත් සිතන්නට ඔහුගේ වචන විසින් පාඨකයා පොලඹවනු ලබන නිසා ය. විශ්මය දනවන, මනස කලඹන එම වදන් මගින් අනිවාර්යයෙන් ම පාඨකයාගේ බුද්ධිය පුබුදු වන බව ද සැබෑවක් වන නිසා ය.
ලී ක්වාන් යූ ට සවන් දීමට හා වෙළුම් ගණනාවකින් යුත් ඔහුගේ ලිපි ලේඛන, සම්මුඛ සාකච්ඡා සහ දේශනා කියවීමට හා ශ්‍රවණය කිරීමට ලැබුණු අවස්ථාව බෙහෙවින් ම පරිපූර්ණ හා ඵලදායක විය. එහි ගැඹුර හා රසය විඳගැනීමට පාඨක සහෘදයින්ට අවස්ථාව ලබා දීමට අප සමත් වී ඇත්නම්, අපගේ මහන්සිය සහ ප්‍රයත්නය අතිශයින් සාර්ථක බව අපේ විශ්වාසයයි.
(හැඳින්වීමේ උපුටනයක්)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.