Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බ්‍රෝහියර් දුටු ලංකාව
About this book

ආචාර්ය ආර්. එල්. ට්‍රෝහියර් දුර්ලභ ගණයේ පුද්ගලයකු වූයේ එතුමා භූගෝල විද්‍යාඥයකු හැටියට ද, ඉතිහාසඥයකු හැටියට දපරිණත පුද්ගලයකු වු නිසාය. මේ නිසා මිනින්දෝරුවකු හැටියට ඔහු ගේ වෘත්තිය ඔහුට ඉතා සුදුසු එකක් විය.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු හැටියට ඔහු ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නැරම් ගිය අතර, ඒ ඒ ප්‍රදේශ හාජනජීවිතය සියැසින්ම දැක ඒ තොරතුරු ලිපි ලේඛන සහ පොත් මගින් ලාංකික ජනතාවටත් සෙසු ලෝකයාටත් දැන ගන්නට සැලැස්වීය. තම වෘත්තිය මගින් සැලැසුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ලාංකික ජනතාව, පරිසරය සහ එහි ඉතිහාසය පිළිබඳ පෘථුල දැනුමක් ඇතිකර ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු තම අත්දැකීම් සම්භාරය අනාගත පරපුර සඳහා ලේඛණාරූඪ කොට තැබීය. විදේශයන්හිද බොහෝ ගවේෂණයන් හි යෙදුන එතුමා ඒ ඒ රටවල වාරිමාර්ග සහ ඉඩම් ප්‍රවේණිය පිළිබඳව ද කරුණු අධ්‍යයනය කළේ ඒවායේ පුරා විද්‍යාත්මක වටිනාකමට ද විශේෂ වැදගත්කමක් දෙමිනි.

එතුමාගේ කෘතීන් තුළින් පැහැදිලි ව ගම්‍ය වන එක් ප්‍රධාන කරුණක් නම්, මේ සුන්දර දිවයින සහ එහි ජනතාව කෙරෙහි එතුමාතුළ වූ අපරිමිත ආදරය සහ ගෞරවය යි.

ISBN
9789559348639
පිටු ගණන (Pages)
299
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බ්‍රෝහියර් දුටු ලංකාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.