ලිට්ල් ඩාලින්ස්
ලෝරන් ට්‍රැන්ටර්... එංගලන්තයේ
පීක් දිස්ත්‍රික්කයේ වෙසෙන,
කුලුඳුලේම නිවුන් දරුවන් ලද මවක් වන ඇය,
තමාට පමණක් පෙනෙන කෙනෙකුගෙන් තම දරුවන්ට
විය හැකි උපද්‍රවයක් ගැන බියෙන් පසුවන්නීය.
ඇය මානසික රෝගයකින් පෙළෙන්නීද?
නැතිනම්... ඒ කිසියම් අඳුරු බලවේගයක්ද?
දුක්ඛිත තත්වයකදී පවා මවක හා දරුවෙකු අතර බැඳීම
බිඳිය නොහැක. සෑම මවක්ම තම දරුවන්ව ආරක්ෂා කරගැනීමේ
ශක්තිය තමා තුළම දරාගෙන සිටියි.
ජොආනා හාපර් ... සියලු දෙනා දකිනු ඇත්තේ ඈ හිත් පිත් නැති
පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස
හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය.
ඇයට අවශ්‍ය සිය කුසින් බිහිකළ දරුවාගේ මුවින් අම්මා' යැයි ඇසීමටය.
මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යුතු බලවේගයකි.
එයට අඳුරුතම කුණාටු හරහා ඇයට මඟ පෙන්විය හැකිය.
මේ, ඒ අම්මාවරුන්ගේ කතාවයි!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.