Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ටෙල් මී - Tell Me

ටෙල් මී - Tell Me

About this book

"ඔයා ඒක සෝෂල් මීඩියා දාන්නෙ නෑ නේද?” ජෝර්ඩන් ඇසුවේය.

"සමහරවිට මං එහෙම කරයි. අපට සෙල් සර්විස් එක ලැබුණාම.”

"ඒක හොඳ දෙයක් නෙවෙයි, ඩීඩ්‍රා.”

"හැමෝම එහෙම දේවල් කරනවා.”

"ඒත් අපි එහෙම කරන්නෙ නෑ. අපි ඒ වගේ ජරා වැඩ කරන්නේ නෑ.”

ජෝර්ඩන් කඳවුරු භූමියෙන් ඉවතට ඇව්ද යන්නට පටන් ගත්තේය. "අපි මේ මගුලෙන් ඈත් වෙමු.”

"මම මගේ වීඩියෝව පෝස්ට් කළා!" ඩීඩ්‍රා කීවාය.

ඈ පිළිබඳව තැකීමක් නොකළ ජෝර්ඩන්ගේ ඇඟිල්ල 911 ඇමතීමට සූදානමින් දුරකතන තිරය මත රැඳී තිබිණ. පෙර ඇසුණු හඬට සමාන තවත් හඬකින් ජෝර්ඩන්ට බාධා කෙරිණ.

"ඒයි. යාළුවා.” ජෝර්ඩන් පැමිණෙමින් සිටි පුද්ගලයින් ඇමතුවේය. "ඔහේලා මොනවා කළත්, ඔය පැත්තට නම් යන්න එපා. අපට මිනියක් හම්බ වුණා.” ඔහු තමන් පැමිණි මාර්ගය දෙසට අත දිගු කළේය.

මිනිසා සිනාසුණේය. "ඔත්තුවට ස්තුතියි.”

ඒ සමඟම තුවක්කුවක් මතුවිය. තමන් පලා ආ අනතුර මෙය බව ජෝර්ඩන්ට වැටහුණි. ඔවුන් කෙළින්ම පැමිණ ඇත්තේ අනතුර වෙතය...

ISBN
9786246743192
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ටෙල් මී - Tell Me

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.