ලියෝන් හි ගේල්
ඒ 1940 වසරයි. ගේල්.ඩි.බාර්බට් යොවුන් දැරියකි. ප්‍රංශය ආක්‍රමණය කළ ජර්මන් හමුදා ඇගේ නිවෙස බලහත්කාරයෙන් අත්පත් කර ගනිති. ඉතාමත් කෙටි කලක් ඇතුළත පවුලේ ළඟම සාමාජිකයින් තිදෙනකු ඇයට අහිමි වන්නේ නොසිතූ ලෙසිනි. රැඳවුම් කඳවුරකට රැගෙන යන ගේල්ගේ හොඳම මිතුරිය ද නැවත නොපැමිණේ. බියකරු අවදානම් රැසක් හමුවේ ගේල් ප්‍රංශ දේශප්‍රේමී ව්‍යාපාරයේ සාමාජිකාවක වෙමින්, ජර්මන් හමුදාවට සහ ප්‍රංශ දේශ ද්‍රෝහීන්ට හසු නොවී වසර ගණනාවක් තිස්සේ යුදෙව් ජාතික ළමුන් ආරක්ෂිත ස්ථානවලට රැගෙන යාමේ මහා මෙහෙයුමට දායක වෙයි.
ප්‍රංශය සතු වටිනා කලා කෘති රැසක් ආරක්ෂා කර ගැනීමේ වගකීමට ද කර ගැසීමට සිදුවන්නේ ඇයටය. නමුත් යුද්ධය නිමා වීමත් සමඟම ඇය දේශ ද්‍රෝහියකු ලෙස අස්ථානයේ චෝදනා ලබයි. ඒ අපකීර්තිය ඇය උපන් ගමෙන් පිටකිරීමට සමත් වෙයි. ආගන්තුක නගරයක අලුත් දිවියක් අරඹන ඇය ආගන්තුක රටකට පැමිණෙන්නේ වෘත්තීය වශයෙන් ජයග්‍රාහී මාවතකට පිවිසෙමිනි. අලුත් රටක අලුත් දිවියක් ඇරඹුව ද අතීතයේ අඳුරු සෙවනැළි අතරට අලුත් සිත් තැවුල් ද එකතු වෙයි.
ඇගේ දිවියට සැබෑ අරුතක් එක් කිරීමට වෙහෙසෙන මිනිපිරිය, තම අත්තම්මා “යුද වීරවරියක්” බව තහවුරු කිරීමේ මහා සංග්‍රාමය අරඹන්නේ දශක ගණනාවකට පසුවය. උදාර ගැහැනියකගේ අදෘශ්‍යමාන ධීර භාවයත්, යුද්ධයේ අතුරුඵල හා ඛේදවාචකයන් රැගත් භාවාත්මක ප්‍රතිරූපයයි “ලියෝන් හි ගේල්”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.