එම්. එස්. - නව ගීත වංශකතාවක පෙරගමන්කරු
සමාජය තුළ අමරණීය මතකයන් රඳවා තබා හික්ම යා හැක්කේ අව්‍යාජ ගුණයෙන් පිරිපුන්, කුසලතාපූර්ණ, දැක්මක් මෙන් ම තම කාර්යභාරය පිළිබඳ මනා වැටහීමක් ඇති. ආදරය හඳුනන, සියුම් පරිකල්පන ශක්තියකින් ද හෙබි මිනිසකුහට ය. එම්. එස්. ප්‍රනාන්දු නම් කලාකරුවා හැඳින්විය හැක්කේ එවන් මිනිසකු ලෙසිනි.
ඔහුගේ ගී පද රචනාවන් සරල සේ පෙනී යා හැකි වුව ද ඔහු තමන්ට ම ආවේනික ආකාරයකින් සමාජයෙහි විවිධ පැනි, පුද්ගලයන් අපූර්ව ආකාරයකට විවරණය කළේ විශාල රසික පර්ෂදයක් ද දිනා ගනිමිනි. ඔහු ජන සමාජය තුළ එවන් ජනප්‍රියත්වයක් අත්කරගන්නේ අමරදේව වැහි ප්‍රබුද්ධ යන යෙදුමින් ඉහළින් ම ඇගයුමට ලක් කරන ලද නිර්මාණකරුවන් ද පිදුම් ලබනා යුගයක ය. අමරදේව වැනි ගායකයකුගේ ගීත රසවිඳිනා පිරිසට ද එම්. එස්. අරුචිකර නොවීම මේ නිර්මාණකරුවා තුළ වූ ආකර්ෂණීය ගුණය මෙන් ම ප්‍රතිභාව ද සනාථ කරයි. මුදල මත කලාවෙහි සිය දායකත්වය තීරණය කරනු ලබනා යුගයක එළඹුම දැක දැක වුව ඔහු කලාවෙහි විචිත්‍රත්වය වෙනුවෙන් සිය දායකත්වය සපයා හික්ම ගියේ නම ගීතයන්හී පද පෙළෙහි අරුත පවා ගැඹුරින් නොගන්නා සමාජයක් ඒවා සිල්ලරට අලෙවිකරන ආකාරය නොදකින්නට වාසනාවන්න වෙමිනි. සැබැවින්ම එම්. එස්. යනු පුරෝගාමියෙකි.
එවන් මිනිසකුගේ අපදානය රචනා කරමින් නැවත සමාජයෙහි එම්. එස්. පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ කිරීමට නව පරපුරේ නිර්මාණකරුවකු වන අශෝක කුලතුංග විසින් දරන ලද ප්‍රයත්නය ඇගයුමට ලක්විය යුතු ය. චරිතාදර්ශයන් බෙහෙවින් හිඟ,
බොල් චරිතයන් පුදසුනෙහි වඩා හිඳුවන මෙවන් වර්තමානයක පෙර යුගයෙහි දැවැන්තයකුගේ චරිනය වර්තමානය සහ අනාගතය වෙත සමීප කිරීම එක් අතකින් අපේ සාහිත්‍යයෙහි පවත්නා අඩුවක් සම්පූර්ණ කිරීමකි.
ප්‍රවීණ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.