මා දුටු සුන්දර ගම තෙලඟපාත
පූර්ණ ජීවිත පරිඥානය මෙහෙයවා සිය විශ්රාමික සැඳෑ සමය යහපත් වූත් සදාතනික වූත් කර්තව්යයක යෙදවීමට කල්පනා කළ ජයවර්ධන මහතා, මීට දශක හයකට පමණ පෙර පැවති ගැමි සංස්කෘතියේ සුන්දරත්වයත් එහි වත්මන් විපර්යාසයත් උකහා දැක්වීමට ගත් සාර්ථක උත්සාහයකි.
අර්ධ ශත වසරකට අධික කාලයක සිට හඳුනන ඔහු තුළින් විද්යමාන වූයේ, ආගමික, කලා හා වෙනත් සෞන්දර්යාත්මක කාර්යයන්හි ලා අතිශයින් සංවේදී චරිතයකි. ඉතා සරල හා ළඟන්නා සුළු ආකාරයෙන් උක්ත කරුණු මෙම ග්රන්ථයේ අඩංගු කර තිබීම එම තක්සේරුව සනාථ කරයි.
1930 දී තෙලඟපාත ජීවත් වූ මෙම පොත ලියූ ජයවර්ධන මහතා එකල ගමේ තිබූ සුන්දරත්වය, සිරිත් විරිත් හා ස්වභාවික සම්පත් පිළිබඳව අගනා චිත්රයක් සිත්තම් කර ඇත. ඒවා ඔහු විසින් පෞද්ගලිකව අත් දකිනා ලද දේවල්ය.
එකල ගමේ තිබූ කුල භේදය, පන්ති භේදය ආදී දෑ අනුව ගම් බෙදී තිබූ අයුරු, ඓතිහාසික පසුබිම, මෙන්ම ජනවහරද ඇසුරින් එම සිද්ධීන් විස්තර කරයි.
ගැමි පරිසරයක හැදී වැඩී නගරයකට සංක්රමණය වන කවර පුද්ගලයෙකුට වුව මෙම පුස්තකය කියවූ විට තමාත් එකී යටගියාවට නිතැතින්ම සංක්රමණය වීම නොවැළැක්විය හැකිය. ඔවුන් ඉන් කුල්මත් වනවා නිසැකය. එම නිසා පාසල් දරුවාගේ පටන් ඕනෑම කෙනෙකුට මෙය පරිශීලනය කරන්නට නිබයව නිර්දේශ කළ හැකිය.
හෙන්රි මානවඩු
විශ්රාමික නියෝජ්ය ලේකම්
ශ්රී ලංකා මහ බැංකුව.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.