මා ලේඛකයකු වු හැටි
About this book
අසූ හය වයස් වු ජීවිත කාලයෙන් හැත්තෑ වසරක්ම ශාස්ත්‍රිය හා නිර්මාණාත්මක ලේඛනය සඳහා කැප කළ මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ලේඛන ජීවිතය ගැන හදාරන්නෙකුට ඔහු විසින්ම සිය අත්දැකීම් ඇසුරින් ලියන ලද ලිපි ලේඛන බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.වැලිපිල්ලේ අකුරු ලියා බොනවිස්ටා විද්‍යාලයෙන් ඉංග්‍රීසි තුන්වැනි පන්තිය දක්වා අධ්‍යාපනය හැදෑරු වික්‍රමසිංහ ගැමි පරිසරයේ හැදී වැඩි සිත කය හික්මවාගෙන අත්දැකීමෙන් හා ආසාවෙන් පොත් කියවීමෙන් මහා ලේඛකයෙක් වු අයුරු මෙම ලිපි සංග්‍රහය හැදෑරිමෙන් වටහා ගත හැකිය.ශ්‍රි ලාංකේය වර්තමාන හා අනාගත පරපුරේ ඉගනුම ප්‍රවර්ධනය කර ගැනීම සදහාත් තරුණ ලේඛකයන්ගේ ආස්වාද පරිචය සඳහාත් මෙම ලිපි සංග්‍රහය ඉවහල් වනු ඇත.
මීට ප්‍රථම වික්‍රමසිංහයන්ගේ කිසිදු මුද්‍රිත ග්‍රන්ථයක ඇතුළත් නොවූ තොරතුරු රැසක් මෙම නිබන්ධන සංග්‍රහයෙහි එන ලිපිවල අඩංගු වෙයි.
Details
ISBN
9789556950434
පිටු ගණන (Pages)
86
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review